26 C
Colombo
Monday, April 29, 2024

ආහාර අර්බුදයට සාර්ථකව මුහුණදීමේ කමිටුවේ නායකත්වය නිමල් ලංසාට

- Advertisement -

ආහාර අර්බුදය හමුවේ කිසිවෙකුත් බඩගින්නේ නොතැබීම සිය ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.

ඒ, ඊයේ (17) ආහාර සුරක්ෂිතතතාවය පිළිබඳ වූ කමිටුව අගමැති කාර්යාලයේදී රැස්වු අවස්ථාවේදීයි.

ඉදිරි කාලයේදි ලාංකීය ජනගහනයෙන් ලක්ෂ 40 ත් 50 ත් අතර පිරිසකට මෙම ආහාර අර්බුදය සෘජුව බලපෑ හැකි වුවත් එය පාලනය කර ගැනීමට අවශ්‍ය කටයුතු සකස් කරන බවයි වික්‍රමසිංහ මහතා එහිදී කියා සිටියේ.

මෙහිදි විශේෂයෙන්ම කුඩා දරුවන් සහ වැඩිහිටියන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන මෙන් අගමැතිවරයා නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා.

මෙම ආහාර අර්බුදයට සාර්ථකව මුහුණදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලෙසත්, එයට අමාත්‍ය නිමල් සිරිපාල,ආචාර්ය හර්ෂද සිල්වා සහ ජනාධිපති කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, යුද හමුදාව,පෞද්ගලික අංශය ඇතුළු අදාළ ආයතනවල නියෝජිතයින් ඊට එක් කරන ලෙසත් අගමැතිවරයා දන්වා තිබෙනවා.

මෙම කමිටුව විසින් සකස් කරන ලද සැලසුම සති 02 ක් තුළ තමාට ලබා දෙන ලෙසයි එහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ.

මෙම ආහාර සුරක්ෂිතතා වැඩසටහන යටතේ දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 336 සංවර්ධනය කර ඉලක්ක කරා ගෙන යාමට නායකත්වය සැපයීම සඳහා කොට්ඨාස 225ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ඉතුරු කොටස අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ඉහළ නිලධාරීන්ටත්,පෞද්ගලික අංශයටත් බෙදා භාර දිය යුතු බවත් මේ සඳහා උපාධිධාරී පත්වීම් ලැබ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින උපාධිධාරීන් ද එක් කර ගැනීමටත් යෝජනා කර තිබෙනවා.

මෙහිදී විශේෂයෙන්ම ළමා නිවාස, වැඩිහිටි නිවාස, ආබාධිත පුද්ගලයින් සිටින නිවාස සඳහා විශේෂ අවධානයක් යොමු කරන ලෙස ද අවධාරණය කර තිබේ.

එමෙන්ම,කලාපීය වශයෙන් තරඟකාරී වෙළඳපොළක් නිර්මාණය වන නූතන කෘෂි ක්‍රමවේදයක් සඳහා මධ්‍ය කාලීන හා දිගු කාලීන සැලස්මක අවශ්‍යතාවය ද අගමැතිවරයා විසින් පෙන්වාදී ඇති අතර එය කඩිනමින් සකස් කළ යුතු බවටද සඳහන් කළේය.

ධීවර ප්‍රජාවට අවශ්‍ය ඉන්ධන,ගෑස් සහ කෘෂිකර්මාන්තයට අවශ්‍ය ඉන්ධන ලබා දීමට ප්‍රමුඛත්වය දෙන ලෙසද හෙතෙම කියා තිබේ.

මෙම සාකච්ඡාව සඳහා මහින්ද අමරවීර,නලින් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් මෙන්ම හිටපු අමාත්‍ය සාගල රත්නායක,තිස්ස අත්තනායක, පාඨලී චම්පික,මනෝ ගනේෂන්, දිගම්බරන්, රිෂාඩ් බදුර්දීන් යන පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් නවීන් දිසානායක, සමන් රත්නප්‍රිය යන හිටපු මන්ත්‍රීවරුන් සහ සෙන්දිල් තොන්ඩමන් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සහභාගි විය.

RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...