32 C
Colombo
Monday, April 29, 2024

නයින්වෙල්ස් රෝහල එකම පවුලේ බිළිඳුන් 11 ට තිඹිරිගෙය වෙයි

- Advertisement -

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික කාන්තා හා ළමා රෝහල වන නයින්වෙල්ස් රෝහල මෑතකදී එකම පවුලක බිළඳුන් 11 දෙනෙකු මෙලොව එළිය දුටු තිඹිරිගෙය බවට පත් වෙමින් සිය සේවා ඉතිහාසයට සුවිශේෂී මතක සටහනක් එක් කරගනු ලැබීය. නයින්වෙල්ස් සේවාලාභීන් රෝහල කෙරෙහි තබා ඇති විශ්වාසය මනාව පෙන්වා දුන් මේ සුවිශේෂී අවස්ථාව උදා වූයේ කොළඹ පදිංචි කේ.රන්ජිතන් මහතා සහ ඔහුගේ ආදරණීය බිරිඳගේ 12 වැනි දරුවාද පසුගියදා  නයින්වෙල්ස් රෝහලේදී උපත ලැබීම නිසාය. නයින්වෙල්ස් රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥ වෛද්‍ය නිලාන් කාලිදාස රොද්‍රිගේ මහතාගේ අධීක්ෂණය යටතේ උපන් පුතණුවන්ගේ වැඩිමල් සහෝදර සහෝදරියන් 10 දෙනෙකුගේද උපත සිදු වූයේ නයින්වෙල්ස් රෝහලේදීය. 

වෘත්තියෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ගණකාධීකාරිවරයෙක් වන මිථිල රංජිදන් මහතා සහ එම මහත්මිය නයින්වෙල්ස් රෝහල කෙරෙහි නොසැලෙන විශ්වාසය ඇතිව වසර ගණනාවක් පුරා සිය පවුල වෙනුවෙන් එම රෝහලේ සේවය ලබාගත් දෙමාපිය යුවලකි. මේ පිළිබඳව අදහස් දක්වමින් රංජිතන් මහතා මෙසේ පැවසීය “අපේ පළමු දරු උපත වෙනුවෙන් අපි නයින්වෙල්ස් රෝහලේ සේවය ලබාගන්න යොමු වුණේ මාතෘ හා ළමා සෞඛ්‍යය වෙනුවෙන් කැපවුණු ශ්‍රී ලංකාවේ හොඳම වෛද්‍යවරු සහ කාර්යමණ්ඩලයක සේවය ලබන රෝහලක් නිසයි. එදා සිට අද දක්වාම ඒ විශ්වාසය අඛණ්ඩවම වර්ධනය වුණා. කාලයක් සමඟ නයින්වෙල්ස් රෝහල සිය`ඵම අංශයන්ගෙන් දැවැන්ත දියුණුවක් ලබා තිබෙනවා. එහි ප්‍රථිඵලයක් විදියට අපේ ආදරය, විශ්වාසය සහ රෝහල සමඟ අපේ බැඳීම තවතවත් ශක්තිමත් වී තිබෙනවා”

රංජිතම් පවුලේ දරුවන් 5 දෙනෙකුගේම උපත්වලට සේවය ලබාදුන් නයින්වෙල්ස් රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය නිලාන් කාලිදාස මහතා මේ පිළිබඳව මෙසේ අදහස් දැක්වීය “රංජිතන් මහතාට හා එම මහත්මියට සුභාංශිසන එක් කරන අතරම ඔවුන් අප කෙරෙහි දැක්වූ අඛණ්ඩ විශ්වාසය වෙනුවෙන් මා ඔවුන් දෙපළට ස්තූතිවන්ත වෙනවා. මේ විශ්වාසය අපට ලැබිය හැකි ඉහළම සම්මානයයි. විශේෂයෙන්ම මාතෘ හා ළදරු සුව සේවය අංශයෙන් අප ලබා දෙන සෑම සේවාවකම විශිෂ්ටත්වය පිළිබඳව අපට ලැබෙන සහතිකයක්. මේ ආකාරයේ සුවිශේෂී අවස්ථාවක කොටස්කරුවෙක් වීමට හැකි වීම ගැන පෞද්ගලිකව මට තිබෙන්නේ ආඩම්බරයක්”

මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාව වෙනුවෙන්ම ස්ථාපනය කෙරුණු රෝහලක් වශයෙන් නයින්වෙල්ස් රෝහල ඉහළම තලයේ වෛද්‍ය සේවාව හා සත්කාරය පිළිබද්ව ආරම්භයේ සිටම කීර්තියක් දිනා සිටියේය. ACCESS සමූහ ව්‍යාපාරයේ කොටසක් වශයෙන් වෛද්‍ය, සත්කාර, තාක්ෂණික ආදී සෑම අංශයකින්ම දැවැන්ත දියුණුවක් අත්පත් කරගෙන ඇති නයින්වෙල්ස් රෝහල අද වනවිට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාන්තා හා ළමා රෝහල බවට පත්ව ඇත. දරුවෙකුට උපත දෙන මවකට අවශ්‍ය සෑම පහසුවක්ම ලබා දෙන නයින්වෙල්ස් රෝහල පෞද්ගලික ප්‍රසූතිකාගාර, අභ්‍යන්තර ලේ බැංකුවක් සහ දිවයිනේ හොඳම ළදරු දැඩි සත්කාර ඒකකය ඇතු`ඵ විශේෂ පහසුකම් රැසක් සහිත අති නවීන රෝහලකි.

“නයින්වෙල්ස් රෝහල ආරම්භයේ සිටම කැප වුණේ ශ්‍රී ලාංකික මව්වරුන්ට ඉහළම සේවයක් සැපයීමටයි. ඒ නිසා අපේ සේවාලාභීන්ගේ නොබිඳෙන විශ්වාසය අපේ සාර්ථක්වය මැන බැලිය හැකි මිනුමයි. ඉදිරියටත් නයින්වෙල්ස් රෝහල රංජිතන් මහතා සහ එම මහත්මිය වැනි සුවසක් ශ්‍රී ලාංකික දෙමාපියන්ගේ ජීවිතවල වැදගත් සහකරුවෙක් බවට පත් වීම අරමුණු කරනවා” යැයි නයින්වෙල්ස් රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂක/ප්‍රධාන මෙහෙයුම් අධ්‍යක්ෂක වෛද්‍ය විභාෂ් විජේරත්න මහතා පැවසීය.

මව්වරුන්ට/දෙමාපියන්ට අවැසි උපදේශන සේවාවන්ගේ සිට දරු උපතේදී වේදනාව කළමනාකරණය කරගැනීම හා මව්කිරි ලබාදීම වැනි සහාය වැඩසටහන්/උපදේශන සේවාවන් රැසක්ද නයින්වෙල්ස් රෝහල විසින් ක්‍රියාත්මක කරන අතර මාතෘ හා ළමා සෞඛ්‍ය වෙනුවෙන් සතියේ දින හතම, පැය විසි හතර පුරා හදිසි සත්කාර සේවය පවත්වා ගෙන යනු ලබයි.

RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...