28.1 C
Colombo
Friday, April 26, 2024

Breaking: උසස් පෙළ සමයේ අඛණ්ඩව විදුලිය

- Advertisement -

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ කොන්දේසිවලට යටත්ව අඛණ්ඩව විදුලිය සැපයීම සහතික කිරීමට අදාළ බලධාරීන් එකඟ වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිවේදනය කරනවා.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, විදුලිබල අමාත්‍යාංශ ලේකම්, ඛනිජ තෙල් සංස්ථා සභාපති සහ රාජ්‍ය බැංකු දෙකක සභාපතිවරුන් අද (25) දෙවන වරටත් උසස් පෙළ විභාග සමයේ විදුලිය කප්පාදුව පිළිබඳ කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවූ අවස්ථාවේදී අදාළ තීරණය ගෙන තිබෙනවා.

මේ අතර කළ කැඳවීමකට අනුව මෙම කරුණ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අද පෙරවරුවේත් විදුලිබල හා බලශක්ති අම්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු හා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටියා.

එම කැඳවීමද සිදු කර තිබුණේ උසස් පෙළ විභාග සමයේ විදුලි කප්පාදුව අත්හිටුවන්නැයි කළ ඉල්ලීමට ප්‍රතිචාර නොදැක්වීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහායි.

මානව හිමිකම් කොමිසම පසුගිය 23 වනදා මේ සම්බන්ධයෙන් කළ ඉල්ලීමට කිසිදු පියවරක් ගැනීමට බලධාරීන් අද පස්වරුව වන තෙක්ම කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණෙ නැහැ.

RECENT ARTICLES - SINHALA

අනුර ස්වීඩනයට

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්වීඩනය වෙත පිටත්ව ගොස් තිබෙනවා. ඊයේ (25) රාත්‍රියේ ඔහු දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව...

කූට ලේඛන සකසා යතුරුපැදි අලෙවි කරන ජාවාරමක්

නීති විරෝධී ලෙස කොටස් එකලස් කරන ලද යතුරුපැදි, ව්‍යාජ ලිපි ලේඛන සකසා අලෙවි කළ ස්ථාන තුනක් පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් වටලා තිබෙනවා. පොලිසිය...

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර තවත් ඍජු ගුවන් සේවයක්

මාලදිවයින මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර මාලදිවයිනේ ” මෝල්ඩිවියන්ස් ” ගුවන් සේවය ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින්...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...