27 C
Colombo
Friday, May 3, 2024

නොබෙල් සාම ත්‍යාගය රුසියාවේ සහ පිලිපීනයේ ජනමාධ්‍යවේදීන් දෙදෙනකුට

- Advertisement -

නොබෙල් සාම ත්‍යාගය පිලිපීනයේ සහ රුසියාවේ ජනමාධ්‍යවේදීන් දෙදෙනකුට හිමි වී ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

භාෂණයේ නිදහස වෙනුවෙන් කරන ගෞරවයක් ලෙස මෙම මාධ්‍යවේදීන් දෙදෙනාට නොබෙල් සාම ත්‍යාගය පිරිනමන බවත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය එනම් භාෂාණයේ නිදහස ගෝලීයව තර්ජනයට ලක්ව ඇතැයි ද එම කමිටුව සඳහන් කළේය

.පිලිපීනයේ මරියා රේසා සහ රුසියාවේ දිමිත්‍රි මුරටොව් මෙවර නොබෙල් සාම ත්‍යාගය හිමි වූ අතර “පිලිපීනයේ සහ රුසියාවේ අදහස් ප්‍රකාශ කිරීම නිදහස/භාෂණයේ නිදහස වෙනුවෙන් කරන ලද ධෛර්යමත් සටන” වෙනුවෙන් මෙවර නොබෙල් සාම ත්‍යාගය ඔවුන් දෙදෙනාට ප්‍රදානය කරන බව නෝර්වේජියානු නොබෙල් කමිටුවේ ප්‍රධානී බෙරිට් රෙයිස් ඇන්ඩර්සන් අද (8) ප්‍රකාශ කළාය.
වසර 1935 න් පසු ජනමාධ්‍යවේදියකු/ජනමාධ්‍යවේදීන් මෙම සම්මානය දිනාගත් පළමු අවස්ථාව මෙය වේ.

ජර්මනියේ කාර්ල් වොන් ඔසියට්ස්කි එරට රහසිගත ආයුධ වැඩසටහනක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කිරීම වෙනුවෙන් 1935 වසරේ දී නොබෙල් සාම ත්‍යාගය දිනාගත්තේ ය.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...