26 C
Colombo
Thursday, May 9, 2024

ජනතාවාදී ආණ්ඩුවක් එනතුරු එක ඩොලර් එකක් එවන්නෑ – විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ

- Advertisement -

ජනතාවාදී ආණ්ඩුවක් එනතුරු එක ඩොලර් එකක් එවන්නෑ – විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ

වත්මන් පාලනය අවසන් කොට දූෂණයෙන් තොර ජනතාවාදී පාලනයක් රට තුළ ඇති වන තෙක් එකම ඩොලරයක් හෝ රටට නොඑවීමට තමන් තීරණය කළ බව ‘වෙනසක් සඳහා විදෙස් ගත ශ්‍රමිකයෝ’ සංවිධානය පවසනවා.

ඔස්ට්‍රේලියාව, ඉතාලිය, ඇමරිකාව ඇතුළු රටවල් රැසක ජීවත්වන විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් එකතුවී ‘වෙනසක් සඳහා විදෙස්ගත ශ්‍රමිකයෝ’ සංවිධානය පිහිටුවා ගෙන තිබෙනවා.

එම සංවිධානයේ කැඳවුම්කාර මණ්ඩලයේ සාමාජික මනෝජ් ගමගේ මහතා පවසන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් රටේ පවතින අර්බුදයට විසඳුම් යෝජනා කරනවා වෙනුවට අන් අයට වරද පටවන්නට උත්සහ කිරීම පිළිබඳව තම සංගමය විරෝධය පලකරන බවයි.

මුළු මහත් සමාජයක් ආර්ථික අර්බුදයක ගිලී ජන ජීවිතය අඩාලවී ඇති මොහොතක ජනාධිපතිවරයෙකු මීට වඩා වගකීම් සහගත ලෙස ක්‍රියාකල යුතු බව තම සංගමයේ විශ්වාසය බව මනෝජ් ගමගේ මහතා පෙන්වා දෙනවා.


RECENT ARTICLES - SINHALA

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...