32 C
Colombo
Monday, April 29, 2024

සුපිරි වටයේ තරග සඳහා ටිකට් ගත් ක්‍රීඩාලෝලීන්ට දැනුම් දීමක්

- Advertisement -

ඉන්දියාව සහ පාකිස්තානය අතර සැප්තැම්බර් 10 වනදා පැවැත්වෙන ආසියානු සුපිරි සිව්දෙනාගේ තරගය සඳහා අතිරේක දිනයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එම තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් පිටියේදී පැවැත්වීමට නියමිතයි.

10 වනදා තරගය අතරතුර ඊට වර්ෂාවෙන් බාධා ඇතිවුවහොත් එතැන් සිට තරගය පසුදින එනම් 11 වනදා පවත්වන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

තරගය සඳහා ප්‍රවේශපත් ලබාගත් ක්‍රිකට් ලෝලීන්ට දැනුම්දෙන්නේ එම ප්‍රවේශපත් අතිරේක දිනය සඳහාද වලංගු වන බවයි.

තවද ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ තරග නැරඹීමේ ප්‍රවේශපත්‍ර මිල පහළ දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සුපිරි සිව්දෙනාගේ වටයේ තරග නැරඹීමේ ප්‍රවේශපත්‍ර රුපියල් 1,000ක මුදලකට ලබාගත හැකියාවක් පවතිනවා.

මෙලෙස සැප්තැම්බර් මස 9,12,14, සහ 15 දිනවල පැවැත්වෙන තරග සඳහා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ Lower Block C සහ D කොටසේ ප්‍රවේශපත්‍ර ක්‍රීඩාලෝලීන්ට රුපියල් 1,000කට මිලදීගත හැකි බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...