27 C
Colombo
Thursday, May 2, 2024

සරත් වීරසේකරගේ කාලේ පත්කළ IOC ලා 184 න් 182 ක්ම දේශපාලන අතකොලු

- Advertisement -

පසුගිය කෙටි කාල කාලසීමාව තුළ පොලිසිය දැඩි ලෙස දේශපාලනීකරණය වූ ආකාරය පිළිබඳව පොලිස්පති සී ඩී වික්‍රමරත්න විසින් මහජන ආරක්ෂාව පිළිබඳ ලේකම්, විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් වෙත දීර්ඝ ලිපියක් මගින් කරුණු පෙන්වා දී තිබෙනවා.

මේ තත්ත්වය මත කලබලයක දී උද්ගතවිය හැකි වාතාවරණය පිළිබඳව මෙලෙස දැනුම් දී ඇත්තේ මීට මාස තුනකට පමණ පෙර බවයි වාර්තා වන්නේ.

එම ලිපියෙන් පසුගිය 2021. 01.01 සිට, 2021.11.03 දක්වා මේ රජය යටතේ ස්ථානාධිපති ධුර ලබා දුන් පොලිස් ස්ථානාධිපතිවරුන් 184 දෙනාගෙන් නිෂ්චිත ක්‍රමවේදය සපුරා සුදුසුකම් සහිතව එම තනතුර ලබාගෙන ඇත්තේ පොලිස් ස්ථානාධිපතිවරුන් 02ක් පමණක් බව පොලිස්පතිවරයා කියයි.

ඉතිරි පොලිස් ස්ථානාධිපතිවරුන් 182 දෙනාම තමන්ගේ නිර්දේශවලින් තොරව දේශපාලන බලය මතම පත්වීම් ලබා ඇති ආකාරය පොලිස්පතිවරයා විසින් මීට මාස 03කට පෙර මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දන්වා ඇති අයුරු මෙම ලිපියෙන් හෙළිදරව් වී තිබෙනවා.

පසුගිය 14 වන දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වුනු ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට පොලිස්පතිවරයා හදිසියේ කැඳවා තිබුණා.

එහිදී පොලිස්පතිවරයාට දැඩි චෝදනා මුඛයෙන් කතා කළ මැති ඇමතිවරුන්, කියා සිටියේ තමන්ගේ නිවාස දේපල විනාශ කරන තෙක් පොලිසිය බලාගෙන සිටි බව සහ ඒවාට නිසි ආරක්ෂාව ලබා දීමට පොලීසිය ක්‍රියා නොකළ බවටයි.

මෙහිදී පොලිස්පතිවරයා ට මැති ඇමතිවරුන් පරුෂ වචනයෙන් බැණ වැදුණු බවටත් වාර්තා පළ වුණා.

පොලිස්පතිවරයා විසින් මහජන ආරක්ෂාව පිළිබඳ ලේකම් වරයාට යොමු කර ඇති මෙම ලිපියේ පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ පෞරුෂය, විනය සහ වගකීම හැඩගස්වමින් එම ධුරය සඳහා පොලිස් නිලධාරියෙක් හුරු කරන සම්ප්‍රදාය කරුණු 09ක් ඔස්සේ ඉතා පැහැදිළි ලෙස දක්වා තිබෙනවා.

මෙහිදී පොලිස්පතිවරයා අදාළ ලිපිය හරහා අවධාරණය කර ඇත්තේ එලෙස පොලිස් ස්ථානාධිපති වරයෙකු පත් කරගන්නා හා පුහුණු කරගන්නා ක්‍රම වේදය බිඳී යාම හේතුවෙන් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව ම අපකීර්තියට පත්වීමට අවශ්‍ය වැඩ කටයුතු සැලසුණු බවයි.

මෙහිදී පොලිස්පතිවරයා අවධාරණය කරන්නේ, පොලිස් ස්ථානාධිපතිවරයෙක් පත් කර ගැනීම සඳහා නිලධාරියෙක් තෝරා ගැනීම, පුහුණු කිරීම, අත්දැකීම් සහ පලපුරුද්ද ක්‍රමානුකූලව ලබා දීම සඳහා වන අනාදිමත් කාලයක සිට හැඩගැසුනු සම්ප්‍රදායක් පොලිස් දෙපාර්තමේන්තුව තුළ ඇති බවයි.

ඒ අනුව, උප පොලිස් පරීක්ෂක තනතුරේ නිලධාරීන් පොලිස් ස්ථානවල ඇති විවිධ අංශවල වගකීම්වලට අනුයුක්ත කර ඇත්දැකීම් ලබා දීම, එසේ නිපුණතාවයක් සහිත නිලධාරීන් පොලිස් පරීක්ෂක හෝ ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට පත් වූ විට, සියලුම වගකීම් පොලිස් ස්ථානාධිපතිවරයාම දැරිය යුතු C හෝ D ලෙස පරිපාලන වර්ග කිරීමට යටත්වන කුඩා පොලිස් ස්ථානයක වගකීම් පවරා අත්දැකීම් ලබා දීම, අනතුරුව එම නිලධාරීන් ඊට වඩා පරිපාලන වගකීම් සහිත B හෝ A3 පොලිස් ස්ථානවල පොලිස් ස්ථානාධිපති සේවයේ යෙදවීම සුුදු කරන බවයි පොලිස්පතිවරයා මෙම ලිපිය හරහා පෙන්වා දෙන්නේ.

එලෙස අත්දැකීම් ලබා ගන්නා නිල්ධාරීන් අනතුරුව A1 හෝ A2 ලෙස ශ්‍රේණිගත කර ඇති වගකීම් බහුල, සංකීර්ණ පරිපාලන කටයුතු සහිත කාර්ය බහුල පොලිස් ස්ථානයකට ස්ථානාධිපතිවරයෙක් ලෙස ඉහත ධුරාවලිය යටතේ අත්දැකීම් ලබන නිලධාරීන් පත් කිරීම සුදු කරන බවත් ඔහු සඳහන් කරනවා.

එහෙත් මෙම සියලු සම්ප්‍රදායන්න් සහ ක්‍රමවේදයන් සහමුලින් විනාශ කර දමමින් පසුගිය 2021.01.01 සිට, 2021.11.03 දක්වා මේ රජය යටතේ තනතුරු ලබා දුන් පොලිස් ස්ථානාධිපතිවරුන් 184ගෙන් ස්ථානාධිපතිවරුන් තෝරා ගනු ලබන සම්මුඛ පරික්ෂණයටවත් නොපැමිණ එම තනතුරු ලබාගත් නිලධාරින් ගණන 126 ක් බවයි පොලිස්පතිවරයා මෙම ලිපිය හරහා මහජන ආරක්ෂාව පිළිබඳ ලේකම්වරයාට යොමු කර ඇති ලිපියෙන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම මෙම සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණ එයින් අසමත් වූ පොලිස් නිලධාරීන් 03ක් දේශපාලන බලපෑම් මත පොලිස් ස්ථානාධිපති ධුර ලබාගෙන ඇති ති බව පොලිස්පතිවරයා විසින් මෙම ලිපිය හරහා මහජන ආරක්ෂාව පිළිබඳ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් හට දන්වා තිබෙනවා.

මෙම නව උසස් කිරීම් යටතේ මින් පෙර කිසිදු පොලිස් ස්ථානයක, ස්ථානාධිපති කමක් හෝ නොකර A1 හෝ A2 පොලිස් ස්ථානයක ස්ථානාධිපති ධුරයට නිලධාරීන් 13ක් පත් කර ඇති බවත් එමෙන්ම මින් පෙර කිසිම පොලිස් ස්ථානය ස්ථානාධිපතිකමක් නොදැරූ නිලධාරීන් 21 දෙනෙක් A3 පරිපාලන ඛාණ්ඩයේ පොලිස් ස්ථානවල ස්ථානාධිපති පත්වීම් ලබාගෙන ඇති බවත් මෙම ලිපියේ සඳහන්.

එමෙන්ම මෙම නව උසස් කිරීම් යටතේ B හෝ C ශ්‍රේණියේ පොලිස් ස්ථානයක ස්ථානාධිපති ධුරයක් දරමින් සිට කෙලින්ම A3, A2 හෝ A1 වැනි ඉහළ ශ්‍රේණියේ පොලිස් ස්ථාන වල ස්ථානාධිපති ධුරයට පත් වූ පොලිස් ස්ථානාධිපතිවරුන් 19 ක් සිටින බවත් මෙම ලිපියේ සඳහන් වී තිබෙනවා.

මේ පත්කර ගැනීම්වලින් අනතුරුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම් මෙන්ම පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර සැලකිය යුතු ලෙස වැඩි වී තිබුණු අයුරු ද සංඛ්‍යාලේඛණ සහිතව ම පොලිස්පතිවරයා මහජන ආරක්ෂාව පිළිබඳ ලේකම්වරයා වෙත දන්වා තිබෙනවා.

කෙසේ වෙතත් පොලිස් දෙපාර්තමේන්තුව තුළ මේ සියලු ආකාරයේ විෂමාචාර සිදුවන තෙක් ඇස් කන් පියාගෙන සිටි පොලිස්පතිවරයා මේ මොහොතේ හෝ අවදි වීම සතුටට කරුණක්.

කෙසේ වෙතත් අපට හැඟී යන කරුණ වන්නේ පොලිස්පතිවරයා වැටී සිටි දීර්ඝ නින්දෙන් අවදි වූයේ පසු පසුගිය 14 වනදා ආණ්ඩුවේ මන්ත්‍රි කණ්ඩායමේ රැස්වීමට කැඳවා කන් පිරෙන්නටම සිදු කළ වාග් සංග්‍රහය විය හැකියි බවයි.

ඒ අතරවාරයේම අප සඳහන් කළ යුතු අනෙක් කාරණය වන්නේ මැති ඇමතිවරුන්ගේ, ඔවුන්ගේ සහචරයින්ගේ, නිවෙස් දේපළ හානි වෙද්දී ඒවා වළක්වා ගැනීමට උවමනාව තිබුන ද කටයුතු කර ගත නොහැකි පොලිස් ඇම්බැට්ටයින් තමන්ගේ පළාත් වලට පත් කර ගත්තේ ඒ මැති ඇමතිවරුන් විසින්ම හේතුවෙන් ඒ පිළිබඳ තවත් කණගාටු වීමට කරුණු කාරණා ඉතිරි වී නොමැති බවයි.

පසුගිය නව වැනි දා රාත්‍රියේ සහ දහ වැනිදා දිවයින පුරා ක්‍රියාත්මක වූ භීෂණය ඔවුන් විසින් වැපුරූ දේ ඔවුන් විසින්ම නෙලාගත් අවස්ථාවක් ලෙස සමාජයේ බොහෝ දෙනා නිර්වචනය කරන්නේ මේ නිසාවෙන් නොවේද?

මේ තිත්ත ඇත්ත සඳහන් කර පොලිස්පතිවරයා විසින් මහජන ආරක්ෂාව පිළිබඳ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් හට යොමු කළ සම්පූර්ණ ලිපිය පහලින්.

RECENT ARTICLES - SINHALA

වස දීලා මාව මරන්න හැදුවා- රොෂාන් රණසිංහ

මීට මාස එකහමාරකට පෙරදී තමාව ඝාතනය කිරීමට යම් පිරිසක් උත්සාහ ගත් බව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන රොෂාන් රණසිංහ මහතා පවසනවා. ඊයේ (01) ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

ව්‍යාජ දුරකථන ඇමතුම් ගැන PHI සංගමයෙන් දැනුම්දීමක්

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බව පවසමින් ව්‍යාපාරිකයින්ට දුරකථන ඇමතුම් ලබා දී මුදල් ලබා ගැනීමේ ජාවාරමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති...

උමා ඔය නිසා විදුලිබල මණ්ඩලයට දවසකට රු.මිලියන 80 ක ඉතිරියක්

උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම නිසා දිනකට රුපියල් මිලියන 80 ක පමණ ඉතිරියක් විදුලිබල මණ්ඩලයට සිදු වන බව උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති අධ්‍යක්ෂ...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...