29.4 C
Colombo
Friday, April 26, 2024

දරුවන්ට යන්න පාසල් විවෘත කරන්න – පාදෙණිය

- Advertisement -

මුලින්ම ආරම්භ කළ යුතු ආයතන ලෙස යුනිසෙෆ් ආයතනය හඳුන්වාදී ඇත්තේ පාසල බවත් ඒ අනුව පාසල් හැකි ඉක්මනින් විවෘත කළ යුතු බවත් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසනවා.

ජාත්‍යන්තර ගණනය කිරීම් අනුව පහළ පන්තිහි දරුවන් මාර්ග‍යෙන් රෝගය බෝවීම අවම මට්ටමක පවතින බවත් පාසල් මගින් රෝගය බෝවීම ආපනශාලා සහ අනෙකුත් ආයතන සමග සැසඳීමේදී අවම තත්ත්වයක පවතින බවත් අනුරුද්ධ පාදෙණිය මහතා පෙන්වා දෙනවා.

දරුවන් වෙත එන්නත් ලබාදීමේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් කිසිදු බියක් නොවීය යුතු බවත් මේ වන විට ලෝකයේ රටවල් රාශියක් දරුවන් හට එන්නත් ලබාදී ඇති හෙයින් එම නිරීක්ෂණ අනුව එන්නත්කරණයේ කිසිදු අහිතකරභාවයක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරනවා.

ඊයේ (23) ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසා සිටියේ දරුවා වඩාම ආරක්ෂිත නිවසට වඩා පාසලේ දී බවයි.

දරුවන්ගේ මානසික සහ කායික සුරක්ෂිතභාවය සඳහා පාසල් යාමේ වැදගත්කම ජාත්‍යන්තර ආයතන සිය සමීක්ෂණ මගින් පෙන්නුම් කර ඇති හෙයින් ඒ පිළිබඳව සලකා පාසල් විවෘත කිරීම අත්‍යවශ්‍ය බව පාදෙණිය මහතා මෙහිදී පෙන්වා දුන්නාා.

RECENT ARTICLES - SINHALA

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

මෛත්‍රීගේ පාස්කු මහමොළකරු කතාවට ටිරාන්ගෙන් උත්තර

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු හෙළි කර...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...