සීනි තොග සඟවන්නේ විපක්ෂය විසින් බව පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.
සීනි මිල ජනතාවට දරා ගැනීමට නොහැකි අන්දමට ඉහළ යැවීමටත් ඒ හරහා රජය අපහසුතාවයට පත් කිරීමටත් කටයුතු කරනු ලැබුවේ විපක්ෂයට සම්බන්ධ පුද්ගලයන් බව මේ වනවිට ආනවරණය වී ඇති බවයි ඔහු පවසන්නේ.
පාරිභෝගික අධිකාරිය වැටලූ සෑම ගබඩාවක්ම විපක්ෂයට කුමන හෝ ආකාරයකින් සම්බන්ධ බවත් වැටලූ එක් ගබඩාවක් එක්තරා පක්ෂයක මධ්‍යම කාරක සභිකයෙකුට අයත් බවත් ඔහු පවසනවා.
ඒ අනුව, කොවිඩ් වසංගතයෙන් බැටකමින් සිටින ජනතාව අපහසුතාවයට පත් කරමින් සීනි මිල වැඩිකිරීම සඳහා ඉතාම ‘කාලකන්ණි’ ලෙස කටයුතු කර ඇත්තේ විපක්ෂයේ පිරිස් විසින් බවත් හෙළි වී ඇති බවයි ඩිලාන් පෙරේරා මහතා පවසනවා. සඳහන් කළේ.
මේ අතර, සහල් සහ සීනී සඳහා උපරිම සිල්ලර මිල නියමකරමින් පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා විසින් ඊයේ (02) දිනයේ සිට බලැපැත්වෙන පරිදි ගැසට් නිවේදන දෙකක් නිකුත්කර තිබෙනවා.
ඒ අනුව සුදු සීනි කිලෝවක උපරිම තොග මිල රුපියල් 116 වන අතර සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 122ක් වේ.
එමෙන්ම පැකට් කළ සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125කි.
දුඹුරු හෝ රතු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් වන අතර පැකට් කළ දුඹුරු හෝ රතු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 128ක් වේ.
