31 C
Colombo
Tuesday, April 30, 2024

පාකිස්තානයේ තෙල් සැපයුමත් කොට උඩ

- Advertisement -

පාකිස්ථානයේ ඉන්ධන ප්‍රවාහන ටැංකි රථ හිමියන් තාවකාලිකව සිය සේවා වලින් ඉවත් වී ඇති බැවින් එහි ඉන්ධන ප්‍රවාහන කටයුතු සඳහා බාධා එල්ල වී ඇතැයි පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරනවා.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ, එහි දී ටැංකි රථ හිමියන් තෙල් සැපයුම අත්හිටුවා, පාකිස්තාන රාජ්‍ය තෙල් පර්යන්තය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වා ඇති බවයි.

සාධාරණ වැටුප් හා ගෙවීම් ලබදෙන්නැයි ඉල්ලමින් ඉන්ධන ප්‍රවාහන ටැංකි රථ හිමියන් විසින් මෙම වර්ජනයක ක්‍රියාත්මක කර ඇති අතර, අසාධාරණ ගෙවීම් සඳහා විරෝධය පළ කරමින් ඊයේ (16) සිට එම වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.

ඉන්ධන ටැංකි හිමියන්ගේ සංගමයට අනුව, ඔවුන් පාකිස්ථාන රාජ්‍ය තෙල් සංස්ථාවෙන් සහ සහ ඉස්ලාමාබාද් නියෝජ්‍ය කොමසාරිස් යන දෙඅංශයෙන්ම සිය ගැටළු වලට විසඳුම් ඉල්ලා ඇති බවත් එම මාධ්‍ය වාර්තාතා කරන්නේ.

එහෙත් ඉන්ධන බෙදා හරින්නන් චෝදනා කරන්නේ, සිය උත්සාහය නිෂ්ඵල වූ බවත් බලධාරීන් ඉල්ලීම් සඳහා අවධානය යොමු නොකරන බවත් එබැවින් මේ අයුරින් ඉන්ධන බෙදා හැරීම් වලින් ඔවුන් ඉවත් වූ බවයි.

RECENT ARTICLES - SINHALA

රතුපස්වල තීන්දුව අද

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ...

පාඨලී CID යට

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මීට සුළුවෙලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබෙනවා. රත්නපුර ප්‍රදේශයේ පැවති පක්ෂ රැස්වීමක දී...

අරක්කු සමාගමේ ලොක්කෙක්ට කෝටි 135ක ඇපයක්

කඩුවෙල - රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ ඝනකාධිකාරීවරයා රුපියල් කෝටි 135ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංගසිංහ මහතා ඊයේ (29)...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පන්ජාබ් කිංග්ස්

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස...