28.2 C
Colombo
Saturday, April 27, 2024

දැඩි ජනතා විරෝධය හමුවේ පකිස්ථාන අගමැති ගෙදර යයි

- Advertisement -

ජනතාවගේ බලාපොරොත්තු රැසක් සමගින් බලයට පත්වූ පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් බලයට පත්වී කෙටි කලක් තුළ පකිස්ථානය ඇඳ දැමූ ආර්ථික අගාධය හේතුවෙන් ඔහුට විරුද්ධව රැගෙන ආ විශ්වාසභංගය පරාජයට පත්ව තිබෙනවා.

ඒ අනුව පකිස්ථාන දේශපාලන ඉතිහාසය තුළ විශ්වාසභංග යෝජනාවකින් පරාජයට පත්ව සිය අසුන අහිමි වූ පළමු අග්‍රාමාත්‍යවරයා බවට එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉතිහාසයට එක් වනවා.

මේ වන විට පකිස්ථානය තුළ ඉම්රාන්ට කෙතරම් විරෝධයක් ඇතිව තිබෙන්නේද යන්න ඊයේ (09) පාර්ලිමේන්තුවේ ජාතික සභාව තුළ ගැණුනු ඡන්ද විමසීම හොඳම සාක්ෂියක්.

එම ඡන්ද විමසීමේදී ඉම්රාන් ඛාන්ට එරෙහිව ගෙනආ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

ඒ අනුව ඡන්ද 174 ක් ඉම්රාන්ට එරෙහිව ප්‍රකාශයට පත්ව තිබුණා.

ඉම්රාන් ඛාන්ට මෙතරම් විරෝධයක් එල්ලවූයේ ඔහුගේ පාලනය තුළ පකිස්ථාන ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීම හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

චීනයෙන් අසීමිතව ණය ලබාගෙන ආර්ථිකය දැඩි පීඩනයකට ලක්කිරීම, රට තුළ පෝලිම් යුගයක් ඇතිකිරීම, අන්තවාදීන්ට මෙන්ම ත්‍රස්තවාදීන්ටද රජය සහය දැක්වීම වැනි චෝදනා රැසක් ඉම්රාන් ඛාන්ට එරෙහිව පැවතියා.

මේ හේතුවෙන් පසුගිය කාලය පුරාවටම ඉම්රාන් ඛාන්ගේ පාලනය අවසන් කළ යුතු බවට වන විරෝධතා මාලාවක් පකිස්ථානය තුළ ක්‍රියාත්මක වුණා.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...