32 C
Colombo
Monday, April 29, 2024

ලෝක කුසලාන එක්දින තරඟාවලියට පාකිස්ථානයේ සහභාගීත්වය අවිනිශ්චිත මට්ටමක?

- Advertisement -

තමන් ලෝක කුසලාන එක්දින තරඟාවලිය සහභාගී වන බව තහවුරු කිරීමට නම් පාකිස්ථාන රජයේ අනුමැතිය අත්‍යාවශ්‍ය බව පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අවධාරණය කර තිබෙනවා.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය එළඹෙන ක්‍රිකට් ලෝක කුසලානයේ තරඟ නිල කාලසටහන ඊයේ (27) ප්‍රකාශයට පත් කළා.

ඉන්දියාවේ දී පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලිය ලබන ඔක්තෝම්බර් 5 වනදා සිට ආරම්භ වීමට නියමිතයි.

කෙසේ වෙතත් තරඟාවලියේ කාලසටහන නිකුත් වී පැය කිහිපයකට පසු පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩල විසින් මේ බව ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඔවුන් කියා සිටියේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ ද ඇතුළුව ඉන්දියාවට යන ඕනෑම සංචාරයක් සඳහා PCB වෙත පාකිස්තාන රජයේ අනුමැතිය අවශ්‍ය වෙන බවයි.

පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය මීට දින කිහිපයකට පෙර ද මීට සමාන ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් ඉන්දියාවට යාමට නම් ඊට රජයේ අනුමැති අත්‍යාවශ්‍ය බවයි.

තරඟාවලියේ කාලසටහන නිකුත් වීමට පෙර ඔවුන් විසින් සිය තරඟ පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගණ වෙනස් කිරීම වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කළා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් පවසන්නේ “අපි මග පෙන්වීමක් බලාපොරොත්තුවෙන් අපගේ රජය සමඟින් සන්නිවේදන කටයුතු සිදු කරමින් සිටින අතර ඒ සඳහා ඔවුන්ගෙන් ප්‍රතිචාරයක් ලද වහාම අපි ඒ පිළිබඳ ව ICCය දැනුවත් කරනවා.

මෙය මීට සති කිහිපයකට පෙර අප සමඟ දළ කාලසටහන බෙදා ගත් අවස්ථාවේ ICCය සමඟ සිදු කළ සන්නිවේදනය සමඟ ද සමපාත වෙනවා.”

මීට පෙර අවස්ථාවක පාකිස්ථානය විසින් ICC වෙතින් ඉල්ලීම් කරමින් සිටියේ ලෝක කුසලානයේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවැත්වීමට නියමිත තරඟය අහමදාබාද් හි නොපවත්වා චෙන්නායි හෝ බැංගලෝර් වෙත මාරු කරන ලෙසයි.

තවද ඕස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වීමට නියමිත තරඟ ද්විත්වය බැංගලෝර් සහ චෙන්නායිවලින් වෙනත් ක්‍රීඩාංගණය වෙත මාරු කරන ලෙස පාකිස්ථානයෙන් ඉල්ලීම් ලැබී තිබුණා.

කෙසේ නමුත් ප්‍රකාශයට පත් කළ කාලසටහන අනුව එම කිසිඳු ඉල්ලීමකට ICC සහ BCCI වෙතින් සාධනීය ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද වාර්තා වනවා.

තවද පාකිස්ථානය විසින් තරඟාවලියට සහභාගී වීම සඳහා “සහභාගීත්ව ගිවිසුමක්” අත්සන් කර ඇති වීම හේතුවෙන් පාකිස්ථානයෙන් ඊට පටහැනි ප්‍රතිචාරයක් මීට පෙර නොදැක්වීම හේතුවෙන් ඔවුන් මෙවර තරඟාවලියට අනිවාර්යෙන්ම සහභාගී වනු ඇති බවට ICC විසින් ප්‍රකාශ කර තිබෙනවා.

එහි නියෝජිතයෙකු කියා සිටියේ “සියලු ම සාමාජිකයන් තම රටේ නීතිරීති වලට යටත් විය යුතු අතර, අපි එයට ගරු කරනවා. නමුත් ලෝක කුසලානය සඳහා පාකිස්තානය ඉන්දියාවට පැමිණෙනු ඇති බව අපිට විශ්වාසයි.“

RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...