25 C
Colombo
Monday, May 20, 2024

අර්බුදය මැද පාර්ලිමේන්තුව දවස් 8ට කෝටි 7ක් වියදම් කරලා..!

- Advertisement -

රටේ අර්බුදය නිර්මාණයවීමෙන් පසු පාලිමේන්තුව අවස්ථා අටක් මේ දක්වා රැස්වී ඇති අතර එම රැස්වීම් සඳහා වැය කර ඇති මුදල රුපියල් හත් කෝටි තිස් හය ලක්ෂයක් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.

පසුගිය 5, 6, 7,8 ,19,20,21 සහ 22 යන දිනවලදී මේ රැස්වීම් පැවති නමුත් එම රැස්වීම් අටෙන්ම රටේ අර්බුදයට නිශ්චිත විසඳුමක් ඉදිරිපත්ව නොවීය.

රටේ අර්බුදය සම්බන්ධයෙන් දින කිහිපයක විවාදයක් ද පාර්ලිමේන්තුවේදී එම කාලයේදී පැවැත්විණ.

පාර්ලිමේන්තුව එක් දිනක් රැස්වීම සඳහා වැය වන සමස්ත පිරිවැය රුපියල් ලක්ෂ 92ක් පමණ වන අතර අදාල අගය ගණනය කර ඇත්තේ මන්ත්‍රීවරුන්ගේ සහ සේවකයන්ගේ පඩි නඩි, දීමනා, විදුලිය, ජලය, ඉන්ධන, ප්‍රවාහන පහසුකම් ආහාර පාන, ලිපි ද්‍රව්‍ය සැපයීම යනාදී සියලු කටයුතු සියල්ල තක්සේරු කිරීමෙනි.

පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනක පාර්ලිමේන්තුවේ දිනෙක වියදම දළ වශයෙන් රුපියල් ලක්ෂ අසූ හතක් පමණ වන බවට ගණන් බලා ඇත.


RECENT ARTICLES - SINHALA

බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

බන්ධනාගාර නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බන්ධනාගාර නිලධාරීන්ගේ එකමුතුව පවසනවා. ඔවුන් සඳහන් කළේ අද(20) සිට...

ඩයනා ගැන විමර්ශනයට නීතිපතිගෙන් CIDයට උපදෙස්

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව එල්ල වී ඇති අපරාධමය කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසත් ඇයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ක්‍රියාමාර්ග...

රජයේ සහ රජය අනුමත පෞද්ගලික පාසල් අද ඇරඹේ

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ තුන්වන අදියර අද (20) ආරම්භ වීමට නියමිතයි. පළමු වාරයේ තුන්වන අදියර ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

ඉරාන තානාපතිට කොළඹදී පහර දීමක්

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී ඉරාන තානාපතිවරයාට පහරදුන් බවට සැක කෙරෙන පුද්ගලයා හෙට 20 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අලුත්කඩේ අංක දෙක මහෙස්ත්‍රාත් අධිකරණය...