28.9 C
Colombo
Saturday, April 27, 2024

මට ඉන්න අප්‍රසන්නම තැන පාර්ලිමේන්තුව..! – අලි සබ්රි

- Advertisement -

තමන්ට ඉන්න අප්‍රසන්නම තැන පාර්ලිමේන්තුව බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

ඒ, මහවැලි කේන්ද්‍රයේ පැවති බන්ධනාගාර රැඳවියන්ගේ කාව්‍ය නිර්මාණ ඇතුළත් සිපිරිගේ පාමුල 2 කාව්‍ය සංග්‍රහය දොරට වැඩීමේ උත්සවයට එක් වෙමින්.

ජනතාව අසන්නට අකමැතිම අප්‍රසන්න කතා ඇත්තේ දේශපාලකයන්ට බවයි ඔහු සිය කතාව ආරම්භ කරමින් පැවසුවේ.

කතාවක් යම් කිසි අරමුණක් සහිතව එකී විෂයට අදාළව කළ යුතු බව පැවසූ ඔහු එසේ නොවන කතා හඳුනාගැනීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස සභාවට ආරාධනා කර සිටියා.

රටේ ඇති වි තිබෙන තත්ත්වය ගැන කණගාටුවන බවත් එය වසර හැත්තෑවක් තිස්සේ දේශපාලනය විසින් වැපිරූ දෑ හි ප්‍රතිඵලයක් බවත් ොහු පෙන්වා දෙනවා. නමුත් ඇති වී තිබෙන තත්ත්වය අනුව සමාජය යම් අපේක්ෂා භංඝත්වයකට පත්විමේ අවදානමක් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා එය ඉතාමත් නරක තත්ත්වයක් බව‍යි පවසන්නේ. කෙසේ නමුත්, එවැනි වට පිටාවක, බන්ධනාගාර ගතව සිටින ප්‍රජාව යම් අපේක්ෂාවක් සහිතව වැඩ කරන තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා බන්ධනාගාර නිලධාරීන්ට සිය ස්තූතිය ප්‍රකාශ කර සිටියා.

බන්ධනාගාර ගත කිරීමේදි මෙන්ම බන්ධනාගාර ගත කිරිමේන් පසුවට සිඳුවන යම් නීතිමය තත්ත්වයන් ද වෙනස් විය යුතු බව පෙන්වා දුන් අලි සබ්රි මහතා ඒවා වෙනස් කිරීමට කුමන අභියෝග මත වුව තමන් කැපවෙන බවද ප්‍රකාශ කරනු ලැබුවා.

යම් යම් රටවල් කඩා වැටි අවස්ථාවල නැවත නැඟී සිටි ආකාරය සිහිපත් කරමින් උදාහරණ දැක් වූ අලි සබ්රි අමාත්‍යවරයා දකුණු කොරියාව නැවත නඟා සිටුවන්න එරට ජනතාව සිය රන් ආභරණ පවා මහා බැංකුවට පරිත්‍යාග කළ බව පෙන්වා දුන් අතර තමා එය උදාහරණයක් ලෙස සිහිපත් කළත් තමා එසේ නොකරන බව ද ජනතාවට එසේ කරන්නට නොකියන බව ද පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

බැසිල් හදිසියේ ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (26) ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා. x පණිවුඩයක් නිකුත් කරමින් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය...

හරක් කටා අධිකරණයෙන් තවත් සහන ඉල්ලලා

මේ දිනවල දැඩි රස්නයක් පවතින නිසා තමා රඳවා සිටින කුටියේ සිටීමට අපහසු බැවින් තමාට විදුලි පංකාවක් ලබාදෙන්නැයි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරමකරුවකු වන නඳුන් චින්තක නොහොත්...

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...