පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු ප්‍රිමියලීග් ක්‍රිකට් තරගාවලිය පැලවත්ත බුද්ධද්‍රාස ක්‍රීඩාංගණයේදී අද (29) පැවත්වීමට නියමිතව තිබෙනවා.
මේ සදහා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් නියෝජනය කරන කණ්ඩායම් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත කණ්ඩායමක්ද එක්වීමට නියමිතයි.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් මෙම ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙන බවට වාර්තා වනවා.