32 C
Colombo
Monday, April 29, 2024

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා ශක්තිමත් කරන මගී යාත්‍රා සේවය

- Advertisement -

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දැරිය හැකි ප්‍රවාහන පහසුකම් සැපයීම පමණක් නොව, ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳා ලබන මස අවසන් වීමට මත්තෙන් දෙරට අතර මගී යාත්‍රා සේවා ආරම්භ කිරීමට මේ වන විට සියලු සැලසුම් සකස් කර අවසන්.

වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයට අනුව කන්කසන්තුරේ සහ පොන්ඩිචේරි අතර මගී යාත්‍රා සේවයේ මෙහෙයුම් මැයි 15 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමීපතම අසල්වැසියන් ලෙස ශතවර්ෂ ගණනාවන් ඈත අතීතයේ සිට පැවත එන සංස්කෘතික හා වෙළඳ සබඳතා පිළිබඳ දිගු හා පොහොසත් ඉතිහාසයක් බෙදා ගනී.

උතුරේ යුද්ධය 2009 දී අවසන් වූ පසු, දෙරට අතර සමුද්‍රීය ප්‍රවාහන සේවය නැවත ආරම්භ කිරීමට උත්සාහයන් කිහිපයක්ම ගත් අතර අවසානයේ වසර 20කට පසු 2011 ජුනි මාසයේදී පාරු සේවාවක් නැවත ආරම්භ කෙරුණ ද, කෙසේ වෙතත්, ඉතා කෙටි කලක් තුල එම සේවාව අත්හැර දමනු ලැබුවා.

තවත් දශකයක කාල පරතරයකින් හා ආර්ථික අර්බුදයකින් පසු, මෑත ඉතිහාසයේ දරුණුතම ආර්ථික හා දේශපාලන අර්බුදයෙන් රට බේරා ගැනීමට උපකාර කළ ඉන්දියාව සමඟ මගී යාත්‍රා සේවාව නැවත ආරම්භ කිරීමට ශ්‍රී ලාංකිකයන් යළිත් බලාපොරොත්තුවෙන් සිටිනවා.

ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ ආගමික ස්ථාන නැරඹීම සඳහා සංචාරය කරන ශ්‍රී ලාංකිකයින්ට පහසු ප්‍රවාහන පහසුකම් සැපයීමට අමතරව, ශ්‍රී ලාංකිකයින්ට ඉන්දියාවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමටද මෙම මගී යාත්‍රා සේවාව උපකාර වනු ඇති.

එපමණක් නොව, ශ්‍රී ලංකාවේ බිඳ වැටුණු ආර්ථිකය පුනර්ජීවනය ලැබීමට ද මගී යාත්‍රා සේවය ප්‍රයෝජනවත් විය හැකියි.
විශේෂයෙන්ම ඉන්දියානුවන් ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයින් අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා බැවින්, සංචාරක ව්‍යාපාරයේ උන්නතියට ද නව යාත්‍රා සේවය ප්‍රබල උත්ප්‍රේරකයක් වනු ඇති.

සංචාරක අත්දැකීම තවදුරටත් වැඩිදියුණු කළ හැකි හෝටල්, ආපනශාලා, සහ අනෙකුත් පහසුකම් වැනි ආධාරක යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටද මගී යාත්‍රා සේවයට අවස්ථාව සැලසිය හැකියි.

තොටුපළ සේවාව මගින් සංස්කෘතික හුවමාරුව ප්‍රවර්ධනය කිරීමට සහ කලාපීය සම්බන්ධතාව වැඩිදියුණු කිරීමට ද හැකිය. දෙරටේම රජයන් මෙය යථාර්ථයක් බවට පත් කිරීමට අවශ්‍ය පියවර ගත යුතු අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යාත්‍රා සේවාවක ඇති විය හැකි ප්‍රතිලාභ අවබෝධ කර ගැනීමට කටයුතු කළ යුතුයි.
දෙරට අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීමේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යාත්‍රා සේවාව ද තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු නොඅනුමානයි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන දෙරටෙහිම බුදුදහම පිළිබඳ පොහොසත් ඉතිහාසයක් ඇති අතර, දෙරට අතර සංස්කෘතික හා ආගමික බැඳීම ශක්තිමත් කිරීමට තොටුපළ සේවාවට අවස්ථාවක් ලබා දිය හැකිය.

දෙරට අතර බෞද්ධ ස්ථාන පමණක් නොව හින්දු, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගමික ස්ථාන සම්බන්ධයෙන්ද ආගමික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට මෙම යාත්‍රා සේවාව උපකාරී කර ගත හැකි වනු ඇති.

ආගමික උත්සව සහ සංස්කෘතික උත්සව සඳහා,මෙම ස්ථාන වෙත බැතිමතුන් සහ සහභාගිවන්නන් ප්‍රවාහනය කිරීමට මෙන්ම සංස්කෘතික හුවමාරුව සහ අවබෝධය ප්‍රවර්ධනය කිරීමටද යාත්‍රා සේවාවට හැකියාව ලැබෙනවා.

දෙරටේම යාත්‍රා සේවය යළි ආරම්භ කිරීමට සූදානම් වෙද්දී, මගියකුට කිලෝග්‍රෑම් 100ක බරින් යුත් ගමන් මලු රැගෙන යාමට ඉඩ සලසන අතරම එක් දිශාවකට වන ගමනක් සඳහා මගියෙකුගෙන් ඩොලර් 50ක් අය කරන බව යාත්‍රා සේවයේ හිමිකරුවන් පවසා තිබෙනවා.

තොටුපළකින් වරකට මගීන් 150ක් රැගෙන යාමට බලාපොරොත්තු වන අතර එය පොන්ඩිචේරි හි කරයිකාල් වරායේ සිට කන්කසන්තුරේ දක්වා ගමන් කිරීමට පැය 4ක පමණ කාලයක් ගතවනු ඇති.
වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසන පරිදි කන්කසන්තුරේ වරායේ මගී පර්යන්තයක් ඉදිකරමින් මගී යාත්‍රා සේවයට පහසුකම් සැලසෙනවා.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය (SLPA) හා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන සම්පූර්ණ ඉදිකිරීම් සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 144ක්.
මේ වන විටත් අදාළ ඉදිකිරීම් බොහෝ දුරට අවසන් කර තිබෙනවා.

කන්කසන්තුරේ වරාය පුළුල් කිරීමේ කටයුතු කඩිනම් කරන බවත්, ඉදිකිරීම් සඳහා ඉන්දියාව ලබාදී ඇති ණය ප්‍රදාන පහසුකම් දැනට ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා රජය ඉන්දීය එක්සිම් බැංකුවෙන් ඩොලර් මිලියන 16ක් ඉල්ලා ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නව යාත්‍රා සේවාවක් ආරම්භ කිරීම සඳහා පෙබරවාරි මාසයේ දී කන්කසන්තුරේ වරාය පහසුකම් පුළුල් කිරීම සඳහා එක් වූ බව ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කළා.

දෙරට අතර වඩාත් දැරිය හැකි සහ පහසු ප්‍රවාහන මාධ්‍යයක් සැපයීමේ ව්‍යාපෘතියට සහය දක්වමින් ශ්‍රී ලංකා නාවික හමුදාව වැඩි රථවාහන තදබදයට සහ වඩා හොඳ යටිතල පහසුකම් සැපයීමේ අරමුණින් කන්කසන්තුරේ වරායේ පහසුකම් පුළුල් කිරීම ආරම්භ කර තිබෙනවා.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාව වරාය අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව කන්කසන්තුරේ වරාය පරිශ්‍රයේ ශ්‍රම බලකාය සහ විශේෂඥතාව සක්‍රීය කරමින් එහි ව්‍යාප්තිය සඳහා සක්‍රීය දායකත්වයක් ලබා දී තිබෙනවා.

නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය අතර මාර්තු 26 වැනිදා සාකච්ඡා කළ පරිදි, මගී යාත්‍රා සේවාව පහසු කිරීම සඳහා කන්කසන්තුරේ සහ කරෙයිකාල්හි ආගමන හා විගමන කාර්යාල දෙකක් බැගින් පිහිටුවනු ඇති.

ශ්‍රී ලංකා දුම්රිය සේවය ද මගී යාත්‍රා සේවය හා සම්බන්ධ කළ හැකි බවත්, එමගින් නිදහසට පෙර පැවති තත්ත්වය යළි පණ ගැන්වීමට හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

1983 දක්වා ඉන්දියාවේ රාමේෂ්වරම් සිට තලෙයිමන්නාරම දක්වා යාත්‍රා සේවයක් ක්‍රියාත්මක වුණා.
ශ්‍රී ලංකාවේ ධනුෂ්කොඩි / රාමේෂ්වරම් සිට තලෙයිමන්නාරම දක්වා අතරමැදි පාරු ගමනක් සමඟින් කොළඹ-චෙන්නායි දුම්රිය ගමනක් නුදුරේදීම අත්විඳීමට හැකි වන්නේ නම් එය ආර්ථිකයට ඉතා ඵලදායී වනු ඇති.

මේ අතර, තමිල්නාඩු මහාමාර්ග සහ කුඩා වරාය අමාත්‍ය ඊ.වී.වේලු පවසා ඇත්තේ තව මාස කිහිපයකින් රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාව අතර කෙටි යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බවයි.
ඒ අනුව තමිල්නාඩු සමුද්‍රීය මණ්ඩලය විසින් ඊට අදාල සවිස්තරාත්මක ව්‍යාපෘති වාර්තාවක් අනුමැතිය සඳහා මධ්‍යම රජය වෙත යවා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...