28 C
Colombo
Saturday, July 27, 2024

පාඨලීගේ නඩුව අවසන් – තීන්දුව කල් යයි

- Advertisement -

අපරීක්ෂාකාරී ලෙස රිය පදවා පුද්ගලයකු බරපතළ අනතුරකට ලක් කළේ යැයි ගොනු කරන ලද චෝදනාවලට එරෙහිව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමේ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය අවසන් කර තිබෙනවා.

එමෙන්ම, මෙම පෙත්සම් විභාගයේ තීන්දුව ලබා දීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කල් තබා ඇති බවයි වාර්තා වෙන්නේ.

2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ අපරීක්ෂාකාරී ලෙස රිය පදවා පුද්ගලයකු බරපතළ අනතුරකට ලක් කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන අධිචෝදනා පත්‍රය  බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පාඨලී චම්පික රණවක මහතා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩු විභාගය පැවතුණා.

මෙම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාර පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2016 වසරේ සිදුවූ අදාළ රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් එම වාහනය පැදවූ  රියදුරා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගෙන එම නඩු කටයුත්ත අවසන් කර තිබූ බව සඳහන් කළා.

එසේ තිබියදී ,2019 වසරේ ආණ්ඩු මාරුවෙන් පසුව තම සේවාදායකයාට එරෙහිව නීතිපතිවරයා විසින් අදාළ චෝදනාව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය හමුවේ යළි නඩු පැවරීමට පියවර ගත් බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දී තිබෙනවා.

අවසන් වී තිබෙන නඩුවකට අදාළ චෝදනාවලට යළි නඩු පැවරීමට නීතිපතිවරයා ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ අවධාරණය කළා.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රෝහාන්ත අබේසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ මෙම සිද්ධියට අදාළව ගොනුකර තිබූ නඩුවේ රියදුරා අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබුණද ඉන් පසුව අනාවරණය වූ නව තොරතුරු මත පොලීසිය විමර්ශන සිදුකළ බවයි.

එම විමර්ශනවලදී අනාවරණය වූ නව සාක්ෂි පදනම් කරගෙන පෙත්සම්කාර පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකිරීමට නීතිපතිවරයා කටයුතු කළ බවත් නීතිපතිවරයා ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බවත් අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ අවධාරණය කළා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම අභියාචනා පෙත්සම පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව කල් තැබීමට තීරණය කළා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...