28.2 C
Colombo
Saturday, April 27, 2024

ඩොලර් ගිලින අය ක්‍රිකට් දිහා බලන් ඉන්නවා – ශම්මි ද සිල්වා

- Advertisement -

ක්‍රිකට් ආයතනය සතු මුදල් ගිලීමට කුරුමාණම් අල්ලන පිරිසක් සිටින බව බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වා පවසනවා.

මාධ්‍ය අමතමින් ඔහු ප්‍රකාශ කළේ ක්‍රිකට් ආයතනයේ ස්ථාවර තැන්පත්වල මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 40 ක් පමණ තිබෙන බවත්, එවැන්නක් මින් පෙර ඉතිහාසයේ කවර කාලයකදීවත් සිදු නොවී ඇති බවත් ය.

“වැඩිම වුණොත් ඩොලර් මිලියන දෙකක් තියෙන්න ඇති ඉස්සර. මේක තමයි වැඩිපුරම මුදල” යැයි සභාපතිවරයා ක්‍රිකට් ආයතනයේ ඉතිහාසය හා සසඳමින් පැවසීය.

ආසියානු කුසලානය නොපැවත්වීමෙන් ශ්‍රී ලංකාවට සිඳු වූ හානිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර කරන ලද ප්‍රකාශයක් පදනම් කරගෙන ඇසූ පැනයකට පිළිතුරු දෙමින් සභාපතිවරයා ප්‍රකාශ කළේ තමන් එවැන්නෙක් ගැන නොදන්නා බවයි. නමුත් එවැනි ප්‍රකාශයක් කර ඇත්නම් ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේ පැවත්වූවානම් ලැබෙන්නට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ට මඳක් වැඩි විය හැකි මුදලක් බවත්, එසේ නොපැවත්වීමෙන් ඒ ලැබීමට තිබූ මුදලට වඩා ඩොලර් මිලියන 4 ක පමණ මුදලක් වැඩිපුර ලැබුණ බවත් සභාපතිවරයා පෙන්වා දෙන ලදි.

මීට පෙර 2011 දී ලෝක කුසලාන තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාවට හිමිව තිබූ ඩොලර් මිලියන 20.5 මුදල ගැන සිහිපත් කළ සභාපතිවරයා එවැනි තත්ත්වයකින් පසුවත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට සහ ආයතන සේවකයන්ට වැටුප් ගෙවීමට ICC ආයතනයෙන් මුදල් ණයට ගැනීමට සිදු වූ බව පෙන්වා දෙනවා. ඒ කුමන පාලනයක් යටතේ ද යන්න අමතක නොකරන ලෙසත් ඔහු පවසනවා.

එසේ ණය නොවී ගිණුම්වල තත්ත්වයද හොඳින් පවත්වාගෙන තිබියදී පිටත සිටින පිරිසක් මෙම මුදල් පිළිබඳව දැනගෙන ඒවා ගිලගන්නට උත්සාහ කරනු ඇති බව කී සභාපතිවරයා වරින් වර අතුරු කමිටු සේ පැමිණ රටේ ක්‍රිකට්වලට සිදු කළේ එය බව ද සිය කතාවෙන් හැඟවීය. මේ වන විට නවසීලන්තයටත් වඩා හොඳ ශක්තිමත් ස්ථාවර ගිණුමක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පවතින බව පෙන්නා දුන් ශම්මි සිල්වා ප්‍රකාශ කළේ නලීන් බණ්ඩාර එවැනි ප්‍රකාශයක් කර ඇත්නම් වැරදි තොරතුරු මත පදනම්ව එය කළ ඇති බවයි. ඔහු මන්ත්‍රීවරයෙක්ද යන්න තමන් නොදන්නා බව කී සභාපතිවරයා තමන් වැඩිපුර දේශපාලඳයන් නොහඳුනන බව පවසන ලදි.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...