27.9 C
Colombo
Saturday, April 27, 2024

දිනකට පැය 09 ක් විදුලිය කපන්න අවසර ඉල්ලයි

- Advertisement -

දෛනිකව පැය 02 – 09 අතර කාලසීමාවක් විදුලි සැපයුම අත්හිටුවීම සඳහා අවසර ලබා දෙන්නැයි ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.

උපකල්පන 04ක් මත පදනම්ව මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසන්නේ.

ඒ අනුව, ජනවාරි 25 වැනිදා සිට පෙබරවාරි 04 දක්වා අනිවාර්ය විදුලි කප්පාදුවක් සිදුවීමට නියමිත බවත් පැවසෙනවා.

මේ වනවිට නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක් තවමත් අක්‍රියව පවතින අතර එහි විදුලි ජනනය ලබන 29 වැනිදා සිට සිදු කිරීමට හැකිවනු ඇති බවට විදුලිබල මණ්ඩල විස්වාසය පළ කරනවා. මේ අතර දැවිතෙල් හා ඩීසල් බලාගාරවල කටයුතුද විටින් විට අත්හිටුවීමට සිදුවන අතර ඊට හේතුව එම බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් තරම් සපයා ගැනීමට නොහැකි වීමයි.

දෛනිකව පැය 09 ක විදුලි කප්පාදුවක් සඳහා අවසර ඉල්ලා තිබෙන්නේ යම් හෙයකින් ඩීසල් සහ දැවිතෙල් බලාගාර අක්‍රියවීම හා ජල විදුලි බලාගාර අක්‍රියවීම එකවර සිදු වුවහොත් යන උපකල්පනය මතයි. මේ වනවිට විදුලි නිෂ්පාදනය සඳහා භාවිතා කරන ජලාශවල ජල මට්ටම ඉතා සීමිත වී තිබෙනවා. මේ වනවිටත් ජලය භාවිතා කර උපදවන විදුලි ප්‍රමාණය සමස්ත විදුලි පද්ධතියෙන් 10% කටත් වඩා අඩු වී තිබේ.

විදුලිය අත්හිටුවන දින වකවානු සහ වේලාවන් සම්බන්ධයෙන් විදුලි වෘත්තීය සමිති සිදු කරන ප්‍රකාශ සැළකිල්ලට නොගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකදී මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා පවසා සිටියේ.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමේ පූර්ණ අයිතිය මහජන උපයෝගීතා කොමිසම සතු බව පෙන්වා දෙන සභාපතිවරයා වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටින්නේ ජනතාව නොමග යවන ප්‍රකාශ සිදු නොකරන ලෙසයි.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...