29 C
Colombo
Sunday, May 5, 2024

ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය අයෙක් අත්අඩංගුවට

- Advertisement -

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් බියගම, බණ්ඩාරවත්ත ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු බියගම පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ, 66 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අදාළ පුද්ගලයා වෛද්‍යවරයෙකු වන සිය පුත්‍රයාගේ නම ව්‍යාජ ලෙස භාවිත කරමින් මෙම වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවයි.

සැකකරුගේ පුත්‍රයා ලියාපදිංචි වෛද්‍යවරයෙකු වන අතර, ඔහු විසින් 2017 වසරේ දී අදාළ වෛද්‍ය මධ්‍යස්ථානය ලියාපදිංචි කර ඇති බව සඳහන්.

2023 වසරේ ජුලි මාසයේ දී ඔහු විදෙස්ගත වී ඇති අතර, අනතුරුව ඔහුගේ පියා විසින් සිය පුත්‍රයාගේ නම ව්‍යාජ ලෙස භාවිතා කරමින් වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිට අදාළ වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...