29 C
Colombo
Saturday, July 27, 2024

ආසාදිතයින් 101 ක් නිසා පිළියන්දල පොදු වෙළෙඳ පොළ වසා දැමේ

- Advertisement -

කොවිඩ් -19 ආසාදිතයින් පිරිසක් හඳුනාගැනිම හේතුවෙන් පිළියන්දල පොදු වෙළෙඳපොළ නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබෙනවා.

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසන්නේ වෙළෙඳපොළේ පුද්ගලයින් සඳහා සිදුකළ PCR පරීක්ෂණවලදී ආසාදිතයින් 101 දෙනෙකු හඳුනාගැනිම හේතුවෙන් එම පියවර ගත් බවයි.

පසුගිය 07 වනදා පුද්ගලයින් 269 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා.

ඒ අනුව පවතින අවධානම් තත්ත්වය හමුවේ පිළියන්දල පොදු වෙළෙඳ සංකීර්ණය අද (09) දිනයේ සිට නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට සෞඛ්‍ය බලධාරින් හා පිළියන්දල පොලීසිය එක්ව පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් පිළියන්දල මීට පෙර හුදෙකළා කෙරුණද එය පැය 8 කටත් අඩු කාලයකින් හුදෙකලා බවින් ඉවත් කෙරුණා.


RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...