26 C
Colombo
Tuesday, April 30, 2024

පිකෝ ට්‍රේල් මංපෙත සංචාරක ගමනාන්තයක් කරන්න සැලසුම්

- Advertisement -

නුවරඑළිය කඳුකරය ආශ්‍රිතව යළි පිබිඳෙන සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16) පෙරවරුවේ උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ් වතු යායේ සංචාරයක නිරත වුණා.

මෙහිදී ජනාධිපතිවරයා ‘පිකෝ ට්‍රේල්’ (Peko Trail) මංපෙත හරහා පාගමනින්ම සංචාරයකටද එක්ව තිබෙනවා.

‘පිකෝ ට්‍රේල්’ යනු මධ්‍යම කඳුකරය හරහා දිවෙන කිලෝ මීටර් 300ක පමණ කඳු නැගීමේ මාර්ගයක් වන අතර, එය ආසියාවේ හොඳම රහසිගත මාර්ගවලින් එකක් ලෙස සැලකෙනවා.

බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී විශාල වතුවල සිට කර්මාන්තශාලා වෙත තේ ප්‍රවාහනය කිරීම සඳහා භාවිතා කරන ලද මෙම මංපෙත මහනුවර නගරයෙන් ආරම්භ වී දකුණු දෙසින් හැටන් සහ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය දෙසට ගමන් කරනවා.

ඉන්පසු එය හපුතලේ සහ ඇල්ල හරහා නැගෙනහිර දෙසට ගමන් කර, සුන්දර නුවරඑළිය නගරය වටා ගමන් කර අවසන් වෙනවා.

මෙම අවස්ථාවට ‘පිකෝ ට්‍රේල්’ ව්‍යාපෘතියේ නිර්මාතෘවරයා වන මෙරට මධ්‍යම කඳුකරයේ වසර ගණනාවක් පුරා කඳු තරණය කළ, ධාවන උපදේශක මිගෙල් කුනාට් මහතාද එක්ව තිබුණා.

ඔහු මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම කඳු නැගීමේ ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තර සිතියමට එක් කළ හැකි බවයි.

මෙම මාවත ඔස්සේ පා ගමනින් ගමන්කරන කෙනෙක්ට ශ්‍රී ලංකාව පුරා විවිධ භූමි ප්‍රදේශ, මෙරට ඉතිහාසය, සංස්කෘතිය, දේශීය ආහාර පාන පිළිබඳ සුවිශේෂී අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව සැලසෙනවා.

‘පිකෝ ට්‍රේල්’ සංචාරක මාර්ගය අදියර 22 කින් සමන්විත වන අතර, එය දිනක් හෝ දින ගනණාවක් ගත කළ හැකි සංචාරක අත්දැකීමක්ද වෙනවා.

ත්‍රාසජනක අත්දැකීම් සොයා යන්නන් වැනි නව සංචාරක භූමිකාවක් ශ්‍රී ලංකාවට ආකර්ශණය කර ගැනීම හා සහ ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම මෙම ‘පිකෝ ට්‍රේල්’ ව්‍යාපෘතියේ අරමුණ වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...