ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ සේවය දීර්ඝ කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වී ඇති බව වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් ඊයේ (23) දිනයේදී ජනාධිපති ලේකම්වරයා අග්‍රාමාත්‍ය ලේකම්වරයාව දුරකථනයෙන් අමතා ඇති අතර නන්දලාල් වීරසිංහ මහතාගේ සේවය දීර්ඝ කිරීමට අදාළ ලිපිය තවමත් එවා නොමැත්තේ මන්දැයි විමසීමක් කර තිබෙනවා.
එහිදී අග්‍රාමාත්‍ය ලේකම්වරයා වහාම අග්‍රාමාත්‍යවරයාත් සමග සාකච්ඡා කර පැයක් තුළ ආපසු ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී ඇත්තේ අදාළ සේවා දීර්ඝ කිරීමේ ලිපිය අද (24) දිනයේදී යොමු කරන බවයි.
ඒ අනුව, නන්දලාල් වීරසිංහ මහතා 2022 ජුලි මාසයේ සිට වසර 6ක කාලසීමාවක් සඳහා මහබැංකු අධිපතිවරයා වශයෙන් යළි පත්වීමට නියමිතයි.