ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවක් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේදී අද (17) පැවැත්වුණා.
මෙහිදී පළාත් පාලන ඡන්දය පිළිබඳව හා මැයි දින රැළිය පිළිබඳව මූලික වශයෙන් අවධානය යොමු කර ඇති බවයි වර්තා වන්නේ.
පළාත් පාලන ඡන්දය වෙනුවෙන් පක්ෂයේ ඡන්ද පදනම තවදුරටත් ශක්තිමත් කරගෙන යාම හා මාර්තු 19 වන දිනෙන් පළාත් පාලන ආයතන කාලය අවසන් වීමෙන් පසු ඇතිවන තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කෙරුණු බව සඳහන්.
මෙම සාකච්ඡා වේ දී විශේෂ අවධානයක් යොමු කර තිබෙන්නේ මැතිවරණයට අදාළව දිස්ත්‍රික්ක මට්ටමින් හා ආසන මට්ටමින් පැවැත්වෙන සම්මේලනයන්ට අමතරව අපේක්ෂකයින් විසින් තම බල ප්‍රදේශයේ සුහද හමු මගින් පාක්ෂිකයින් දැනුවත් කිරීමේ වැදගත්කම පිළිබඳවයි.