30.2 C
Colombo
Friday, April 26, 2024

පොලිසිය උද්ඝෝෂණය කළ තරුණයකු මරා දැම්මෙ නෑ – ඇමති සරත්

- Advertisement -

සමගි ජන බලවේගය විසින් ඊයේ දින සංවිධානය කර තිබූ ‘ජන බලය කොළඹට’ විරෝධතාවයට සහභාගී වීමට පැමිණි තරුණයකු අත්අඩංගුවට ගෙන පහරදී මරා දමා ඇති බවට සමගි ජනබලවේගය අද (17) දින පාර්ලිමේන්තුවේදී චෝදනා කර සිටියා.

මේ වන විට ප්‍රදේශවාසීන් පොලිස් ස්ථානයට රැස්ව ඇති බවයි ඔවුන් පැවසුවේ.

කෙසේ නමුත් ඒ චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍යක් බව මහජන ආරක්ෂක අමාත්‍ය රියාර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ.

පනාමුරේ පදිංචි ඉන්දික ජයරත්න නැමැති මෙම පුද්ගලයා මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වූවකු බවත් ඔහු නිතරම බිරිඳට සහ දරුවන්ට පහර දෙන බවට පැමිණිලි ලැබී තිබූ බවත් ඔහු පවසනවා.

තමාට පොල්ලකින් පහර දුන් බවට එම තැනැත්තාගේ දුව පසුගිය 12 වැනි දා පොලීසියට පැමිණිල්ලක් කර රෝහල්ගතවී සිටින බව පැවසූ වීරසේකර මහතා එදින සිට මේ තැනැත්තා අතුරුදන්ව සිට ඇතැයිද පෙන්වා දෙනවා.

සැඟවී සිටියදී පොලීසිය මොහු ඊයේ (16) රාත්‍රී 10 ට පමණ අත්අඩංගුවට ගත් බවත් ඊයේ අලුයම සිරමැදිරියේ ඇඳුමකින් ගෙල සිරකර ගෙන සියදිවි හානිකර ගැනීමට උත්සාහ දැරූ අවස්ථාවේදී පොලීසිය ඔහු රෝහල්ගත කිරීමට ගෙන යනවිට මියගොස් ඇති බවත් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කර සිටිනවා.

මොහු සහ පෙළපාළිය අතර කිසිදු සම්බන්ධයක් නැති බව පැවසූ මහජන ආරක්ෂක අමාත්‍යවරයා පොලිසියට එරෙහිව කරන මෙම චෝදනාව අමූලික අසත්‍යයක් බව අවධාරණය කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළා. එම රැස්වීම අවසන් වූ...

උලපනේ සුමංගල හිමිට ඇප

අධිකරණ නියෝගවලට අවනත නොවී රාජ්‍ය නිලධාරින්ගේ කටයුතුවලට බාධා කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ සිටි පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු ඇප මත...

සජබෙට ගිය මන්ත්‍රීලා ගැන පොහොට්ටුව තීරණයක් ගනී

සමගි ජන බලවේගය සමඟ ගිවිසුම්ගත වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනාගෙන් නිදහසට කරුණු විමසීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...