25 C
Colombo
Wednesday, March 19, 2025

මහින්ද නොකළ දේ ගෝඨාභය කළා – ගොඩහේවා

- Advertisement -

දේශපාලඥයෙකු රූපවාහිනී ආයතනයකට කඩා වැදුනු අවස්ථාවේදී එවකට පැවති රජය ඊට නිසි ක්‍රියාමාර්ග නොගත් බව නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසනවා.

හිටපු කම්කරු අමාත්‍ය මර්වින් සිල්වා විසින් ජාතික රූපවාහිනියට කඩා වැදි අවස්ථාවේදී ඊට එරෙහිව එවකට පැවති මහින්ද රාජපක්ෂ රජය ක්‍රියා නොකළ බව සිහිපත් කරන රාජ්‍ය අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් වැඩිදුරටත් පවසන්නේ ජනතාව එය යහපත් අයුරින් භාර නොගත් බවයි.

කෙසේ නමුත් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍යවරුන්ගේ වුවද පිළිගත නොහැකි ක්‍රියාවලට එරෙහිව ක්ෂණික ප්‍රතිචාර දක්වන බව‍යි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම දේශපාලඳයන්ට තමා නීතියට ඉහළින් සිටින බවට සිතීමට ඉඩ නොදිය යුතු බවත් ඔහු පවසනවා.

RECENT ARTICLES - SINHALA

දේශබන්දු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට 

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙනගොස් තිබෙනවා. දේශබන්දු තෙන්නකෝන් එහි සාමාන්‍ය වාට්ටුවක රඳවා ඇති බව‍යි වාර්තා වෙන්නේ. අධිකරණයෙන් සැඟවී දින...

රුපියල් මිලියන 3.8කට වැඩි කීරි සම්බා තොගයක් රාජසන්තක කෙරේ

පිටකොටුවේ වෙළෙඳසැලක තිබූ රුපියල් මිලියන 3.8 කට අධික වටිනාකමින් යුත් සහල් තොගයක් රාජසන්තක කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ, වෙළෙදසැලේ සඟවා තබාගෙන සිටි...

දේශබන්දුගෙ බිරිඳගෙන් පැමිණිල්ලක්

සෝදිසි වරෙන්තුවක් නොමැතිව හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවස පරීක්ෂා කළ බවට ඔහුගේ බිරිඳ විසින් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ (18)...

POPULAR ARTICLES