28.9 C
Colombo
Saturday, April 27, 2024

ලොහාන්ගෙන් හිරිහැර වූ සිරකරුවන් නාමල් හමුවීම නැගී එන තරුණ නායකත්වයක ලකුණක්

- Advertisement -

හිටපු බන්ධනාගාර කළමනාකරණය හා සිරකරුවන් පුනරුත්තාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් එම බන්ධනාගාරයට ඇතුළු වී ගිනි අවියක් පෙන්වා තමන්ට කිසියම් හිංසාවක් සිදු කිරීම සම්බන්ධව කරුණු දැක්වීම සඳහා අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු එල්.ටී.ටී.ඊ. සිරකරුවන් තමන්ට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හමුවීමට අවශ්‍ය බව දන්වා ඇතැයි පසුගියදා මාධ්‍ය වාර්තා කළා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසන්නේ එය සෑම දෙනාම විශ්වාස කරන, නැගී එන තරුණ නායකත්වයක ලකුණක් බවයි.

ඒ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ ක්‍රියාවන් සම්බන්ධව තවත් ට්විටර් සටහනකින් තදබල ලෙස විවේචනය කළ ඔහු පවසා සිටියේ වත්මන් නායකත්වය අමාත්‍යවරුන්ටද නීතිය ක්‍රියාත්මක කරන බවයි.

රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා එසේ පැවසුවද ලොහාන් රත්වත්තේ තව දුරටත් රාජ්‍ය අමාත්‍ය ධූරයක රැඳී සිටින අතර ඔහු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට කවුරුන් හෝ පැමිණිලි කළ යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පවසා සිටියා.


RECENT ARTICLES - SINHALA

අනුර අද ස්වීඩනයේදී ජනහමුවකට

ස්වීඩනයේ සංචාරයක නිරත ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනහමුවකට සහභාගිවීමට නියමිතව තිබෙනවා. ස්වීඩනයේ, නකාඕලා, ස්ටොක් හෝම්හිදී මෙරට වේලාවෙන් අද පස්වරු 6.00ට පමණ...

කොළඹට අද පැය 14ක ජල කප්පාදුවක්

අද (27) පස්වරු 5 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල – ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

බැසිල් හදිසියේ ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (26) ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා. x පණිවුඩයක් නිකුත් කරමින් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...