28.9 C
Colombo
Friday, April 26, 2024

පොළොන්නරුව – මැදිරිගිරිය ඇවිදින මංතීරුව ගිලාබැහැලා. ගවයන් දහවල් කාලයේ මංතීරුවේ ඇවිදිනවා

- Advertisement -

රුපියල් එක්කෝටි හැට හත්ලක්ෂයක් වැයකොට පොළොන්නරුව – මැදිරිගිරිය වටදාගෙය පුදබිම ආසන්නයේ ඉදිකළ ඇවිදින මංතීරුව මේ වන විට ගිලා බැස තිබෙනවා.

මේ සඳහා උතුරුමැද පළාත් සභාව විසින් මුදල් වෙන්කර තිබූ අතර මේ වන විට මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම සුදු අලියෙක් බවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඇවිදින මංතීරුව ආසන්නයේ ඇති පොකුණෙහි රොන්මඩ ඉවත්කර පිළිිසකර කිරීම සඳහා රුපියල් පනස් හයලක්ෂ දහසය දහසක (5,616,000) මුදලක්ද, ඉන්ටර්ලොක් ගල් අතුරා පොකුණ වටා ඇවිදින මංතීරුව ඉදිකිරීම සඳහා රුපියල් අසූහත් ලක්ෂ හතලිස් හත්දහස් හතලිස් දෙකක (8,747,042) මුදලක්ද වීදි ලාම්පු ඉදිකිරීම සඳහා රුපියල් විසිහතර ලක්ෂ තිස් දහසක (2,430,000) මුදලක්ද මේ සදහා වැයකර තිබෙනවා.

කෙසේ වෙතත් වසරක් ගතවීමටත් පෙර පොකුණෙහි පන් හා හම්බු වැනි ජලජ ශාක වලින් පිරී පවතින අතර ඇවිදින මංතීරුවද ස්ථාන කිහිපයකින්ම ගිලාබැස තිබෙනවා.

ව්‍යපෘතිය මගින් රොන්මඩ සියල්ල ඉවත්කිරීමට නියමිතව තිබුණද වැසි සමයේ වැඩ ආරම්භ කර තිබූ බැවින් කොන්ත්‍රාත් සමාගම එය නිසිපරිදි නොකෙරූ බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

මේ වන විට මෙම මංතීරුව වසාගෙන ඇති තණකොළ කෑමට නිතර දෙවේලේ ගවයින් මංතීරුව ඔස්සේ ගමන් කරනු දක්නට ලැබෙන බවද ප්‍රදේශවාසීන් පවසනවා.

කෙසේ වෙතත් මේ වන විට එම ව්‍යාපෘතිය හරහා මෙරට දුගී පළාත් සභාවලින් එකක් වන උතුරු මැද පළාත් සභාවේ කෝටි ගණනක මුදලක් කාබාසිනියා කර අවසානවී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...