32 C
Colombo
Monday, April 29, 2024

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විශ්‍රාම ගනියි?

- Advertisement -

පාප් පදවියෙන් විශ්‍රාම ගැනීමේ අදහසක් නොමැති බවත්, ජීවිත කාලය පුරාම තනතුරේ රැඳී සිටීමට සැලසුම් කර ඇති බවත්, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සදහන් කර තිබෙනවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ජීවිත කතාව ඇතුලත් “Life: My Story through History” ස්වයං චරිතාපදානය ඇතුලත් ග්‍රන්ථය එළිදක්වමින්.

පාප් වහන්සේ මේ වන විට 87 හැවිරිදි වියේ පසුවන වන අතර ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටින්නේ සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ පා සිටියත් තමාට ඉල්ලා අස්වීමේ අදහසක් නොමැති බවයි.

“මම විශ්වාස කරනවා පාප්තුමාගේ දේව සේවය ජීවිතයට අත්‍යවශ්‍යයි. එබැවින් එය අත්හැරීම සාධාරණිකරණය කිරීමක් මට නොපෙනේ ” ලෙසින් ද ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නව ස්වයං චරිතාපදානයේ සඳහන් කර තිබෙනවා.

මෙම වසර මුලදී, ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අසනීප තත්ත්වය හේතුවෙන් රැස්වීම සහ හමුවීම් අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...