29 C
Colombo
Friday, June 2, 2023

විභාග කල් දමනු…! – සජිත්

- Advertisement -

ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාග කල්දමන ලෙස සමගි ජනබලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කර සිටිනවා

ශිෂ්‍යත්ව විභාගය එළඹෙන ඔක්තෝබර් 3 වනදා පැවැත්වීමට නියමිත වන අතර උසස් පෙළ විභාග ඔක්තෝබර් 4 වනදා අරම්භවීමට නියමිත වේ.

විභාග කල්දමා විෂය නිර්දේශ ආවරණය කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙසයි නිවේදනයක් නිකුත්කරමින් සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ.

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් පාසල් වසාදැමීම නිසා අධ්‍යාපන කටයුතු අඩාල වී ඇති තත්වයක් තුළ අධ්‍යාපන විශේෂඥයින්ගේ සාධනීය සහ ප්‍රායෝගික උපදෙස් අනුව ක්‍රියාකරන ලෙසත් විපක්ෂනායකවරයා ඉල්ලා සිටිනවා.

පාසල් 2,000ට වැඩි ප්‍රමාණයකට කිසිදු ඔන්ලයින් පහසුකමක් නැති බවත් ඔන්ලයින් අධ්‍යාපනය නංවන්නට ආණ්ඩුව මෙතෙක් ප්‍රායෝගික වැඩපිළිවෙළක් සකස් කිරීමට ද අසමත් වී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.

මේ අතර, මෙවර උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය ලබන සඳුදා (19) දැනුම්දෙන බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසනවා. ඒ, කොළඹදී අද (13) පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...