26 C
Colombo
Saturday, May 11, 2024

කොවිෂීල්ඩ් එන්නත ලබා ගත් අයට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත දීමේ සූදානමක්

- Advertisement -

කොවිඩ් 19 වෛරසයට එරෙහිව කොවිෂීල්ඩ් එන්නත ලබා ගත් ශ්‍රි ලාංකිකයන්ගේ දෙවැනි එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා ගැනීමේ හැකියාව පිළිබඳ රජය, බෝවන රෝග පිළිබඳ උපදේශක කමිටුවේ උපදෙස් ලබා ගෙන ඇති බව වාර්තා වේ.

කොවිෂීල්ඩ් සහ ෆයිසර් එන්නත් මාත්‍රා සංයෝජනය කිරීමෙන් එන්නත් දෙකෙහි මාත්‍රා දෙකටම වඩා වැඩි ප්‍රතිශක්තියක් නිර්මාණය වන බවට මෑතක දී ජර්මානු අධ්‍යයනයකීන් හෙළි කරනු ලැබිණි.

මේ වන විට ශ්‍රී ලංකාව සඳහා කොවිෂීල්ඩ් එන්නතෙහි මාත්‍රා 600,000 ක් පමණ අවශ්‍ය වී ඇති අතර එම එන්නතෙහි මතුව ඇති හිඟය හේතුවෙන් රජය මෙම පියවරට සූදානම් වන බව සඳහන් වේ.

ඒ අනුව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා බෝවන රෝග පිළිබඳ කමිටුවේ මතය විමසා තිබේ.

RECENT ARTICLES - SINHALA

තේ පොහොර සහනය අක්කර 50ක වතු සඳහා ලබා දීමට තීරණයක්

තේ පොහොර සහනාධාරය අක්කර 50ක් දක්වා වූ තේ වතු සඳහා ද ලබා දීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබෙනවා මේ...

අහුංගල්ලේ තවත් වෙඩි තැබීමක්

Update වෙඩිවැදීමෙන් බලපිටිය රෝහලට ඇතුළත් කළ පුද්ගලයා මියගිය ගොස් තිබෙනවා. අහුංගල්ල,මරදාන ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩිතැබීමෙන් 54 හැවිරිදි පුද්ගලයෙක් තුවාල ලබා මේ වනවිට බලපිටිය රෝහලට ඇතුළත්...

සබරගමුව කැම්පස් එකේ අක්‍රමිකතා රැසක් කොප් කමිටුවේදී එළියට

සබරගමුව විශ්වවිද්‍යාලයේ පරිපාලන හා අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතව තිබෙනවා. එම නිවේදනයේ සඳහන් වන්නේ ඉකුත් 08 වැනිදා කෝප් කමිටුවේදී අනාවරණය වූ...

POPULAR ARTICLES

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...