29 C
Colombo
Sunday, May 5, 2024

ජනපති බාලදක්ෂ දිනය සමරයි

- Advertisement -

ලෝක බාලදක්ෂ දින සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (23) පස්වරුවේ පැවැත්විණ.

ජනාධිපති බාලදක්ෂ සහතිකපත් ප්‍රදානය ද මෙහිදී සිදුකෙරිණි.

ලෝකයේ ළමුන් වෙනුවෙන් ඇති විශාලතම ස්වේච්ඡා සංවිධානය බාලදක්ෂ ව්‍යාපාරය වන අතර රටවල් 172ක මිලියන 52ක් ළමුන් එහි සාමාජිකත්වය දරන අතර ඊට සම්බන්ධ වන බාලදක්ෂයෙකුට ලබාගත හැකි ඉහළම සම්මානය වන්නේ ජනාධිපති බාලදක්ෂ පදක්කමයි.

ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා විසින් උත්සව සභාවට පැමිණි ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බාලදක්ෂ කරලේන්සුව පළඳවා පිළිගනු ලැබීය.

බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩ්න් පවල් සාමිවරයාගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වීම, සෑම දිස්ත්‍රික්කයකින්ම එක් අයෙකු නියෝජනය වන සේ තෝරාගත් බාලදක්ෂයන්ට ජනාධිපති බාලදක්ෂ සම්මානය පිරිනැමීම ජනාධිපතිවරයා අතින් මෙහිදී සිදු කෙරිණ.

ජනාධිපති කාර්යාලයේ පැවති වැඩසටහනට සමගාමීව පළාත් මට්ටමින් වැඩසටහන් 09ක් පැවති අතර ජනාධිපති බාලදක්ෂයින් 700 දෙනෙකුට එහිදී සහතිකපත් ප්‍රදානය කෙරිණි.

සියලු පළාත් අන්තර්ජාලය ඔස්සේ සජීවීව සම්බන්ධ කෙරෙමින් වැඩසටහන පැවැත්වීමට ද පියවර ගෙන තිබූ අතර පැළ ලක්ෂයක් සිටුවීමේ ජාතික බාලදක්ෂ ක්‍රියාන්විතය සාර්ථකව නිම කළ බව දැනුම් දීමේ වාර්තාව සහාය ප්‍රධාන කොමසාරිස් ප්‍රභාත් ගුණරත්න මහතා අතින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

සෑම බාලදක්ෂයෙකුගේම නිවසක හරිත ගෙවත්තක් ඇති කිරීමේ වැඩසටහන සංකේතවත් කරමින් පැළ බෙදාදීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ.

හිටපු ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා අතින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම ද මෙහි දී සිදු විය.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, බාලදක්ධ නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්.එෆ්.එස්. මුහීඩ් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

May be an image of 4 people and people standing
May be an image of 5 people and people standing
May be an image of 2 people and people standing
May be an image of 1 person and standing

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...