මේ වන විට රටම අකර්මන්‍ය කර ඇති ඉන්ධන අර්බුදයට විරෝධය පා අද (29) දිනයේ සියලුම වර්ගයේ වාහන උපයෝගී කරගනිමින් දිවයින පුරා විරෝධතාවයක් සංවිධානය කර තිබෙනවා.
ඒ අනුව අද පෙරවරු 10 සිට පස්වරු 3 දක්වා සියලුම පෞද්ගලික වාහන මාර්ගවල නතර කර තබා සාමාන්‍ය පරිදි ඉන්ධන ලබාදීමට රජයට බලකරමින් මෙම මහජන විරෝධතාව දැක්වීමට නියමිතයි.
මෙම විරෝධතාවය හේතුවෙන් අද දහවල් කාලයේ දිවයිනේ මාර්ග රැසක දැඩි මාර්ග තදබදයක් ඇතිවීමටද නියමිතව පවතිනවා.