25 C
Colombo
Thursday, May 16, 2024

දේශබන්දුට නැති නීතිය: මහජන ආරක්ෂක ලේකම් අධිකරණයට කැඳවයි

- Advertisement -

බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් විනය පියවර නොගැනීම පිළිබඳව කරුණු විමසීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා අධිකරණය හමුවට කැඳවා තිබෙනවා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඊයේ (15) මෙම නියෝගය නිකුත් කරන ලදි.

පසුගිය මැයි 09 වැනිදා ගෝඨාගෝ ගම සහ මයිනාගෝ ගම විරෝධතාවලට එල්ල වූ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයාට චෝදනා එල්ල විය. අදාල චෝදනා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබූ අතර කෙසේ නමුත් එම උපදෙස්වලට අනුව කටයුතු කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ක්‍රියා නොකළේය.

නීතිපතිවරයාගේ උපදෙස් මත පොලිස් ආඥා පනතේ නියෝග අනුව විනය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳව අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙසය මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙන්නේ.


RECENT ARTICLES - SINHALA

රවී වෛද්‍යාලංකාරට කෝටියක ශරීර ඇප දෙකක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට අද (15) අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ නිවාස ලබාදෙන...

මියගිය කාන්තාවක් ජීවත් වන බවට ලිපියක් දුන් ග්‍රාම නිලධාරිට වැඩ වරදී

මියගොස් ඇති තැනැත්තියක් ජීවත්ව සිටි බව සදහන් කරමින් ලියවිල්ලක් නිකුත් කිරීමක් සම්බන්ධයෙන් ග්‍රාම නිළධාරීවරයෙක් කළුතර කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ...

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...