30.3 C
Colombo
Friday, April 26, 2024

“රාජ්‍ය සේවය රටට බරක්”- ඇමති බැසිල්

- Advertisement -

තවත් වසරක් යන තුරු රාජ්‍ය සේවය වෙනුවෙන් තවදුරටත්, මහජන මුදල් වැය නොකරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, ඊයේ ඉදිරිපත් කෙරුණු 2022 අයවැය සම්බන්ධයෙන් අද (13) කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින්.

තව ද රාජ්‍ය සේවය රටට බරක් බව පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ, සියලු දෙනා එය අවංකව පිළිගත යුතුව ඇති බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

”යම් කිසි ආකාරයක් රාජ්‍ය සේවකයින්ට සහනයක් දෙනවා කියන්නෙ, ජනතාවගෙන් ඒ සඳහා මුදල් එකතු කර ගන්න ඕන. රජයකට මුදල් ලබාගන්න ක්‍රමය තමයි මහජනතාවගෙන් ඒක ලබා ගැනීම. මොනම ආකාරයකින් වත් තවත් වර්ෂයක් යන කල් රාජ්‍ය සේවය වෙනුවෙන් තවත් මහජන මුදල් වැය කරන්න හැකියාවක් නෑ.

තවදුරටත් අපි ලොසින්ජර් දෙන්න අවශ්‍ය නැහැ. අපි අවංකව පිළිගන්න ඕන මේ රාජ්‍ය සේවය අපේ රටට බරක්”


RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයට සජබෙන් ආරාධනයක්

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ආරාධනා කර තිබෙනවා. ශ්‍රී...

අමරවීර ඉරානයට

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඉරානයේ ‌ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය...

කොළඹට හෙට පැය 14ක ජල කප්පාදුවක්

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...