28.9 C
Colombo
Friday, April 26, 2024

ඉන්දු පැසිෆික් කලාපයේ තත්ත්වය වෙනස් කිරීමේ ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ගවලට QUAD රටවල විරෝධය

- Advertisement -

ඉන්දු පැසිෆික් කලාපය තුළ චීනයේ වර්ධනය වන බිය ගැන්වීමේ හැසිරීම මධ්‍යයේ කලාපයේ පවතින තත්ත්වය වෙනස් කිරීමට හෝ ආතතීන් වැඩි කිරීමට උත්සාහ කරන ඕනෑම ඒකපාර්ශ්වික ක්‍රියාවකට තමන් දැඩි ලෙස විරුද්ධ වන බව , ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ජපානය සහ එක්සත් ජනපදය සමන්විත ක්වාඩ් රටවල් කණ්ඩායම ප්‍රකාශ කර තිබේ.

77 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව එම රටවල විදේශ අමාත්‍යවරු නිව්යෝර්ක් නගරයේ දී රැස්වූයේ, නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් ඉදිරියට ගෙන යාම සඳහා සහය දැක්වීම සඳහා බහුපාර්ශ්වික සහයෝගීතාව ගැඹුරු කිරීම යන අරමුණු සහිතවයි.

මෙම රැස්වීමට ඕස්ට්‍රේලියාවේ විදේශ අමාත්‍ය ෆෙනී වොන්ග් , ඉන්දියාවේ විදේශ ඇමති එස් ජයශංකර්, ජපානයේ හයාශි යොශිමාසා සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහභාගී වී තිබේ.

ක්වාඩ් කණ්ඩායමෙහි දැක්ම වන්නේ නීති මත පදනම්ව නිදහස, නීතියේ ආධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්, ආරවුල් සාමකාමීව විසඳීම, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව යන මූලධර්මවලට ගරු කරන ඉන්දු පැසිෆික් කලාපයක් බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක සඳහන් වේ.

කලාපයේ පවතින තත්ත්වය වෙනස් කිරීමට හෝ ආතතීන් වැඩි කිරීමට උත්සාහ කරන ඕනෑම ඒකපාර්ශ්වික ක්‍රියාවකට ඔවුන් දැඩි ලෙස විරුද්ධ වෙන බව විදේශ අමාත්‍යවරු හතර දෙනා පැවසූ බව ද එහි දැක්වේ.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...