29 C
Colombo
Wednesday, March 29, 2023

රැජිණිට 70 පිරෙද්දී- ෂාරුක් කිව්ව දේ

- Advertisement -

දෙමළ සුපිරි නළු රැජිණිකාන්ත් සිය 70 වැනි උපන්දිනය දෙසැම්බර් 12 වැනිදා සැමරුවා. අවුරුදු 70දීත් සිය තරු ගුණය රඳවාගන්නට සමත් වූ මේ සුවිශේෂී නළුවාට මුළු ඉන්දියාවේම හතර දෙසින් සුභපැතුම් ගලා ආවා.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි, ෂාරුක් ඛාන් ඇතුළු බොහෝ ප්‍රබල චරිත රැජිණිට සුභපැතුවා.

‘වන් ඇන්ඩ් ඔන්ලි තලයිවාගේ, තවත් සුපිරි අවුරුද්දක් ගෙවී ගියා. හොඳ සෞඛ්‍ය සහ සතුට ඔබට ලැබේවා. ඔබට අපි ආදරෙයි.’ රැජිණිට සුභ පැතූ ෂාරුක් එලෙස ලියා තිබුණා.

රැජිණි අවසන් වරට රඟපෑ චිත්‍රපටිය ඩර්බාර්. මෙතෙක් ඔහුගේ නව චිත්‍රපටියක් එළිදක්වා නැහැ. එහෙත් මේ වන විට අන්නාතේ නම් ඔහුගේ අලුත් චිත්‍රපටියට සූදානම් වෙනවාලු. ‘සිරුත්තායි’ සිවා අධ්‍යක්ෂණය කරන එම චිත්‍රපටියේ නයනතාරා, කීර්ති සුරේෂ්, කුෂ්බු සුන්දර් සහ මීනා ප්‍රධාන චරිත රඟපානවා. අනූ ගණන්වල රැජිණිගේ පෙම්වතියන්ට රඟපෑ කුෂ්බු සහ මීනා එහි රඟපෑම විශේෂයි.

සුපුරුදු ලෙස ඔහු මෙතරම් විශේෂ ඇයිදැයි නොදන්නා, ඔහුගේ චිත්‍රපටි නොබලා මතුපිටින් ඔහු ගැන විවේචනය කරන පිරිසත්, දෙසැම්බර් 12 වැනිදා රැජිණි උපහාසයට ලක් කරමින් සමාජ මාධ්‍ය පුරවන්නට දෙවරක් සිතුවේ නෑ.

එහෙත් අවුරුදු හැත්තෑවක් දක්වා ඔහුගේ සිනමා ගමන විශේෂයි. තලපති වැනි අතිවිශිෂ්ඨ සිනමාත්මක චිත්‍රපටිවල සිට, අතිශය ජනප්‍රිය චිත්‍රපටි දක්වා ඔහුගේ සිනමාව විහිදෙනවා. 1975 දී අපේ කලාපයේ විශිෂ්ඨම සිනමාකරුවන් කිහිපදෙනාගෙන් කෙනෙක් වන කේ. බාලචන්දර් සහ කමල් හසන් රැජිණිට කලාත්මක සිනමාවෙන් ඈත්ව ජනප්‍රිය සිනමාවට යන ලෙස යෝජනා කළාලු. අසූ ගණන්වලදී සිනමා වීරයා වූ රැජිණි එදා සිට මේ දක්වා අවුරුදු 40ක් පමණ දෙමළ සිනමාවේ අසහාය අංක එකේ නළුවා විදියට පවතිනවා.

තිරයෙන් පසුපස ඉතා නිහතමානී පුද්ගලයෙකු ලෙස ඔහු ප්‍රකටයි. එමෙන්ම ඉතා ශූර බුද්ධියක් තිබෙන කෙනෙකු ලෙසත් ප්‍රකටයි. 2010 පමණ වෙද්දී ඔහුගේ ජනප්‍රිය ධාරාවේ චිත්‍රපටි අසාර්ථක වුණා. එවැනි පසුබිමක තරුණ, කලාත්මක අධ්‍යක්ෂවරුන් සමග එක්ව කබාලි, කාලා, පේට්ට වැනි චිත්‍රපටි රඟපාමින් තවත් අවුරුදු දහයක් සිනමා වීරයා ලෙස පවතින්නට ඔහු සමත් වුණා.

RECENT ARTICLES - SINHALA

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...

ජාතික රූපවාහිනියත් විකුණන්න යයි

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත් විසින් සේවකයන් වෙත ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වන්නේ නම් ඒ සඳහා අදාළ අයදුම්පත් ඉදිරිපත් කරන...

මුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෙහි පෙත්සම් දෙකක් හෙට කැඳවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් හෙට (30) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...