ඉන්දියාවේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන රාකේෂ් ජුන්ජුන්වාලා විසින් නව ගුවන් සේවයක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.
ආකාස එයාර් ලෙස නම් කර ඇති මෙම නව ගුවන් සේවයේ මෙහෙයුම් ලබන වසරේ අප්‍රේල් මාසයේදී ආරම්භ කිරීමට නියමිත බව සදහන් වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ දැනටමත් මෙම නව සමාගම විසින් බෝයිං ගුවන් සමාගම වෙත අති නවීන ගුවන්යානා 72ක් මිලදී ගැනීම සදහා ඇණවුම් භාරදී ඇති බවයි.
එම ගුවන් යානා ඇණවුමේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 9 ක් පමණ වන බව ද පැවසේ.
පළමුව දේශිය ගුවන් සේවයක් ලෙස ආරම්භ කර පසුව එය අන්තර්ජාතික ගුවන් සේවයක් බවට පත්කිරීම මෙම සමාගමේ අපේක්ෂාව බව එහි ප්‍රධානීන් සදහන් කර ඇත.