27.9 C
Colombo
Saturday, April 27, 2024

Rakuten Viber සිය නවතම වැඩි දියුණු කරන ලද යථාර්තවත් (AR) Viber කැමරා යෙදුම් කාච එළිදක්වයි

- Advertisement -

සන්නිවේදන කටයුතු නිදහසේ සහ පහසුවෙන් ඉටුකර ගැනීමෙහිලා ලොව ප්‍රමුඛ පෙළේ යෙදුමක් (App) වන Viber විසින් පරිශීලකයින්ට වැඩි වැඩියෙන් වඩාත් නිර්මාණාත්මක මුහුණුවරක් ලබා දෙමින් පවුලේ සමීපතමයන්, හිත මිතුරන් සහ සගයන් සමඟ දිනපතා නිරත වන සංවාදයන් ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා වඩාත් චමත්කාර ජනක වර්ණවත් නවතම Viber කාච ශ්‍රී ලංකාවේදී පසුගියදා එළිදක්වන ලදී.

Snapchat පිටුපස සිටින තාක්‍ෂණ සමාගම වන Snap Incorporation සමඟ එකතු වී Viber එහි යෙදුමේ ඇති කැමරාවට වැඩි දියුණු කරන ලද යථාර්තවත් (AR) කාච එක් කරනු ලබන අතර එහි පළමු Viber කාච කාණ්ඩය ලෙස සතුන්ගේ වෙස් මුහුණු (Animal Masks) වැනි අවධානයක් සහිත කැමරා කාච  පෙරහන් 30 ක්, ෆැන්ටසි ප්‍රයෝග (Fantasy Effects), බිට්මොජි අවතාර (Bitmoji Avatars) සහ පරිශීලකයින්ගේ ප්‍රියතම වයිබර් චරිත එක් කර තිබේ.

මෙම විනෝදජනක මුහුණුවර සහිත අංගයන් තුළින් නිසැකවම පවුලේ අය සහ මිතුරන් සමඟ කතා බහ කිරීමේදී යම් උද්යෝගීමත් හැඟීමක් ඇති කරවයි. Viber සංවාදයන් තුළදී කැමරාව සක්‍රිය කොට කාචයක් තෝරා ගැනීමෙන් Viber කාච භාවිතා කිරීම පහසු කරයි. පරිශීලකයින්ට විනෝද කාලය ආරම්භ කිරීම සඳහා Snap හෝ Clip එකක් ගෙන සංවාදය වෙත යැවිය හැකිය.

පරිශීලකයින්ට තම අදහස් ප්‍රකාශ කිරීමේදී හා සැක සහිත හා අව්‍යාජ සංවාදයක යෙදීමේදී නිමක් නොමැති විකල්ප අවස්ථාවන් ලබා දීමේ අරමුණට එකඟව විනෝදය ඉදිරියට පවත්වා ගැනීම සඳහා සෑම මසකම අවම වශයෙන් අතිරේක කාච 20 ක් පමණ එකතු කිරීමට Viber සැලසුම් කරයි. ඇතැම් කාචවල වර්ණ වෙනස් කිරීමට හෝ තිරයේ දිස්වන ස්ටිකර් වලට අත්සනක මෙන් පෙනුමක් ලබා දීමට පරිශීලකයන්ට ඉඩ සලසා දෙයි.

වැදගත් යැයි හැඟෙන කාරණා සඳහා හෝ ඔබේ ප්‍රියතම ක්‍රීඩා කණ්ඩායමට පවා සහයෝගය පලකිරීම වෙනුවෙන් පරිශීලකයින්ට ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක වනජීවී අරමුදල සහ FC බාර්සිලෝනා වැනි හවුල්කරුවන්ගෙන් සන්නාම ගත කාච තෝරා ගත හැකිය.

”මෙම Viber Lens තාක්‍ෂණය ක්‍රියාවට නැගීම හරහා සරල සන්නිවේදනයන් විනෝදාත්මක හා විචිත්‍රවත් කිරීමට මෙන්ම අපගේ පරිශීලකයාගේ නිර්මාණශීලිත්වය සවිබල ගැන්වීමට එය උපකාරී වේ. ඔවුන් සෑම කෙනෙකුම විනෝදයක් ලබමින් කතා කරන ඕනෑම කෙනෙකුට ඔවුන්ගේ සිතුවිලි හා හැඟීම් සම්බන්ධ කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව ඔවුන්ට වැඩි නිදහසක් ලබා දෙන බව” Rakuten Viber හි ආසියා පැසිපික් ශාන්තිකර කලාපයේ (APAC) ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂක ඩේවිඩ් ට්සේ පවසයි. “Snap හි වඩාත්ම දියුණු AR හැකියාවන් සමඟ ඇති මෙම හවුල්කාරිත්වය සමඟින් යෙදුම හරහා යවන සියලුම පණිවිඩ, වීඩියෝ සහ රූප සඳහා ඉහළ ආරක්‍ෂිත ප්‍රමිතීන් ඇති කිරීමට හැකි වීම තුළින් අපගේ කැපවීම සපත වූවා සේම නව පණිවුඩ ක්‍රමයක් ආරම්භ කිරීම පිළිබඳව අප බෙහෙවින් සතුටට පත්වෙනවා.”

”අපගේ නවතම Viber කාච එළිදැක්වීමත් සමඟ අපි AR හි සීමාවන් තරණය කරමින් සිටින්නෙමු. වර්තමාන වසංගතය හේතුවෙන් පවුල් වලින් වෙන්ව සිටින අපගේ පරිශීලකයින් සම්බන්ධ කර ගැනීමට සහ ඔවුන් මතකයේ රැඳෙන අවස්ථා හුවමාරු කර ගැනීමට වඩාත් අර්ථවත් ක්‍රම සොයමින් සිටින බව” Rakuten Viber හි ප්‍රධාන සංවර්ධන නිලධාරීනී ඇනා ස්නාමෙන්ස්කායා පවසයි. “Viber කාච මඟින් මනංකල්පිත ආකාරයේ රූප ආකර්ෂණයක් ජීවිතයට එක් කර දෙයි. අනාගතයේදී අපගේ නිෂ්පාදන සඳහා නව්‍ය හා ආකර්ෂණීය නව එකතු කිරීම් වැඩි කිරීමට මෙය හේතු වනු ඇතැයි අපි විශ්වාස කරමු.”

සම්බන්ධතාවය පවත්වා ගැනීමට දැන් එය සංකීර්ණ නොවනු ඇත. Viber කාච ඉක්මනින් වඩාත් සිත්ගන්නාසුළු හා ක්‍රියාශීලි වන අතර එය iOS (Viber 15.5.5 සහ ඊට වැඩි) සහ Android සඳහා ලබා ගත හැකිය (Viber සංස්කරණය 15.8.0.15 සහ ඊට වැඩි). පරිශීලකයින්ට ඔවුන්ගේ සංවාද වලට AR අත්දැකීම ලබා ගැනීම සඳහා ඔවුන්ගේ Viber සංස්කරණය 16.0 සහ ඊට වැඩි යාවත්කාලීන කිරීමට අවශ්‍ය වේ!

Rakuten Viber පිළිබඳව

Rakuten Viber හි අරමුණ වන්නේ, මිනිසුන් එකිනෙකට සම්බන්ධ කිරීම හරහා පුද්ගල සබඳතා වර්ධනය කිරීමය. ලොව කොහේ සිට හෝ ඕනෑම පුද්ගලයකුට මෙම තාක්ෂණික සේවාව අත්විඳිය හැක. මෙය භාවිතා කරනන් හට කෙටි පණිවිඩ, වීඩියෝ ඇමතුම්, විවිධ කණ්ඩායම් හා පණිවිඩ යැවීම සහ ඔවුන්ගේ ප්‍රියතම වෙළඳ නාම සහ කීර්තිමත් පුද්ගලයින් සමඟ සහ සම්බන්ද වීම සහ සාකච්ඡා වැනි විශේෂ අවස්ථා රැසකට මේ හරහා එක්විය හැකිය. අපගේ පරිශීලකයින්ට ඔවුන්ගේ අදහස් බෙදා ගැනීමට ආරක්ෂිත සහ නිදහස් පරිසරයක් ඇති බව අපි සහතික කරමු.

Rakuten Viber යනු විද්‍යුත්- වාණිජ්‍යය (E – Commerce) හා මූල්‍ය සේවා පිළිබඳ ලෝකයේ ප්‍රමුඛයා වන Rakuten In Corporate හි කොටසකි. එය FC බාර්සිලෝනා පාපන්දු ක්‍රීඩා සමාජයේ නිල සන්නිවේදන සහකරුද වන Viber සමාගම සුප්‍රකට Golden State Worriers නමැති ඇමරිකානු පැසිපන්දු කණ්ඩායමේ Calling App හවුල්කරුද වේ. අදම Viber හා සම්බන්ධ වී ලොව හොඳම සන්නිවේදන අත්දැකීම භුක්ති විඳින්න.

වැඩිදුර විස්තර සඳහා [email protected] හා සම්බන්ධ වන්න.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...