32 C
Colombo
Saturday, March 25, 2023

වතු සේවකයන්ගේ 1000 ඉල්ලීමට යළි යළිත් අනුමැතිය

- Advertisement -

වතු සේවකයන්ගේ දෛනික වැටුප 1000 බවට පත්කිරීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටියා.
කෙසේ වෙතත් 2020 නොවැම්බර් මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා මගින් වැවිලි අංශය සදහා රුපියල් 1000 ක දෛනික වැටුපක් ලබාදීමට කරන ලද අයවැය යෝජනාව ක්‍රියාත්මක කිරීම සදහා වැවිලි සේවක වැටුප් සාමූහික ගිවිසුමට අත්සන් තබා ඇති පාර්ශවයන් සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති නමුත් එම සාමූහික ගිවිසුමේ එක් පාර්ශවයක් වන වැවැලිකරුවන්ගේ සංගමය නියෝජනය කරනු ලබන ලංකා සේව්‍ය සම්මේලනය දෛනික වැටුප රුපියල් 920 දක්වා පමණක් යෝජනා කර තිබෙනවා.
ඇතිවී තිබෙන තත්ත්වය මත මෙම කරුණු සැළකිල්ලට ගෙන අදාල අයවැය යෝජනාව ක්‍රියාත්මක කිරීමට හැකි පරිදි පඩිපාලක සභා මඟින් වැවිලි අංශයේ සේවකයන්ගේ වැඩුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීම සදහා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කැබිනට් මණ්ඩලයට ගෙන ආ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
කෙසේ වෙතත් ජනාධිපතිවරණ වේදිකාවේ මෙන්ම ඊට පසු මැතිවරණ වේදිකාවේද ජනප්‍රිය මැතිවරණ පොරොන්දුවක් වූ වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ දැමීම බාලගිරි දෝෂය මෙන් කල්ගිය බවට කම්කරු වෘත්තීය සමිති චෝදනා කරනවා.
ඇතැම් වෘත්තීය සමිති පවසන්නේ 1000 ඉල්ලීම එම සටන ආරම්භ කල මීට වසර දෙකකට පමණ පෙර කාලය අනුව බලන විට සාධාරණ ඉල්ලීමක් වුවද පවත්නා අධික ජීවන වියදම් තත්ත්වය මත දැන් එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි.

එමෙන්ම වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නංවන්නැයි මුව හමට තඩිබාන්නාක් මෙන් විපක්ෂය ඉල්ලා සිටිය ද එය එසේ කිරීමට ආණ්ඩුවකට නොහැකි බවත් වතු සමාගම් ද ආරක්ෂා කරගත යුතු බවත් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගිය 5 වෙනිදා පාර්ලිමේන්තුවේදී ද ප්‍රකාශ කර සිටියා.

RECENT ARTICLES - SINHALA

ඇමති බන්දුලට හූ කියා ගිය පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට

0
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ...

ලැබෙන ආධාරවලින් හෝ රාජ්‍ය සේවක වැටුප් ගෙවනවා – අගමැති

0
මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කැඳවා සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. පළාත් පාලන ඡන්දය පැවැත්වීමට...

බැසිල් හදිසියේම ජනපති හමුවෙයි

0
බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ ඉතා පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා.

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...