කුසල් මෙන්ඩිස් එක්දින පිටියේ සිය තුන්වන ශතකය රැස්කිරීමට අද (10) සමත් වුණා.
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව දැන් පැවැත්වෙන තරඟයේදී ඔහු මෙලෙස දක්ෂතා දක්වා තිබෙනවා.
පන්දු 65කදී ගොඩනැඟුණු කුසල් මෙන්ඩිස්ගේ ශතකයට හතරේ පහර 13ක් සහ හයේ පහර 4ක් ඇතුළත් වුණා.
ඒ අනුව ලෝක කුසලාන ක්‍රිකට් තරඟයකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු රැස්කළ වේගවත්ම ශතකය ලෙස එය ඉතිහාසයට එක් වෙනවා.
කෙසේ වෙතත්, පන්දු 77 කදි ලකුණු 122 ක් ලබා ගනිමින් සිටියදී ඔහුව දවා ගැනීමට හසන් අලි සමත් වුණා.