27.9 C
Colombo
Saturday, April 27, 2024

ගල්-වැලි-පස් කැපීමෙන් වාර්තාගත ආදායමක්..! – පරිසර අමාත්‍යවරයා

- Advertisement -

සිය ආයතනයට ලබා දී ඇති ඉලක්ක මේ වන විටත් සම්පූර්ණ කර ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සමඟ පැවති ප්‍රගති සමාලෝචනයකදී එම නිලධාරීන් පැවසූ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

එහි ආදායම් ඉලක්ක වලින් 87%ක් මේ වන විටත් සම්පූර්ණ කර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

“කොවිඩ් මැද්දේ බොහෝ ආයතන වල ඉලක්ක පස්සට යද්දී, භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සිය ඉලක්ක පසු කර යන බව පැහැදිළි කරලා ඒ ආදායම් ගැන ඒගොල්ලෝ කරුණු ඉදිරිපත් කරා.

මං ඒගොල්ලොන්ට කිව්වේ ඔය ආදායම් ලබාගෙන ජයග්‍රහණය කළා වගේම ඕගොල්ලො මැදිහත් වෙලා පරිසරය රකින වැඩපිළිවෙලකුත් හදන්න. මොකද මේ ඉලක්ක යන්නේ ගල් වැඩපොළවල්, පස්, වැලි මේවනේ. මේවා රටට අවශ්‍ය උනාට යම් පරිසර හානියක් වෙන බවත් අපිට පේනවා.” යැයි ඔහු පවසයි.

ඒ අනුව ගල් වැඩපොළවල් සංරක්ෂණය කිරීමටත්, නැවත වන වගාවටත් භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මැදිහත් වනු ඇතැයි තමා අපේක්ෂා කරන බව පරිසර අමාත්‍යවරයා පවසනවා.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...