28.9 C
Colombo
Friday, April 26, 2024

සහන දෙන්න බෑ; ජනතාව ඉවසිය යුතුයි..! – ජොන්ස්ටන්

- Advertisement -

සමස්ත ලෝකයම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බැවින් සහන නොඉල්ලා ඉවසාගෙන සිටීමට ජනතාව කටයුතු කළයුතු බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

රට වෙනුවෙන් සියලු දුෂ්කරතා විඳීමට ජනතාව ඉදිරිපත් වියයුතු බවයි ඇමතිවරයා පවසන්නේ.

පසුගිය කාලයේදී ඉන්ධන මිල ස්ථාවර පවත්වාගෙන ගියේ විශාල පාඩුවක් විඳිමින් බවත්, එම පාඩුව තවදුරටත් විඳීමට ඛනිජ තෙල් සංස්ථාවට නොහැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

තවදුරටත් පාඩු පිට තෙල් ලබාදීමට සිදු වුවහොත් එහි පාඩුව විඳීමට සිදුවන්නේද ජනතාවට බව පෙන්වා දෙන ජොන්ස්ටන් ඇමතිවරයා, ‘ගහලා බැන්දත් එකයි – බැඳලා ගැහුවත් එකයි’ යනුවෙන් පවසනවා.

කුමන තත්වයක් මත වුවද ජනතාව බඩගින්නේ තැබීමට ආණ්ඩුව සූදානම් නොමැති බවත්, යහපාලන රජය මෙන් ජනතාවට ක්‍රෝටන් කොළ කැවීමට උත්සාහ නොකරන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...