27 C
Colombo
Monday, April 29, 2024

චීනය, ඉන්දියානුවන්ට පනවා තිබූ කොවිඩ් වීසා තහනම ඉවත් කරයි

- Advertisement -

කොවිඩ් වසංගතය හේතුවෙන් බීජිං විසින් පනවා ඇති දැඩි වීසා සීමා කිරීම්වලින් පසුව වසර දෙකකට වැඩි කාලයක් ඉන්දියාවේ කොටුවී සිටින ඉන්දියානු වෘත්තිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට වීසා ලබා දීමට චීනය තීරණය කර තිබේ.

එමෙන්ම චීනය ඔවුන්ගේ විද්‍යාල සහ විශ්ව විද්‍යාලවලට නැවත සම්බන්ධ වීමට කැමැත්ත පළ කර ඇති චීන විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන දහස් ගණනක් ඉන්දියානු සිසුන්ගේ ඉල්ලීම් ද සළකා බැලීමට කටයුතු කරමින් ඇති බව පැවසේ.

පසුගියදා ඉන්දියාවේ චීන තානාපති කාර්යාලය සිය කොවිඩ්-19 වීසා ප්‍රතිපත්තිය වසර දෙකකට වැඩි කාලයකට පසු යාවත්කාලීන කර තිබේ.

ඒ සියලු ක්ෂේත්‍රවල වැඩ නැවත ආරම්භ කිරීම සඳහා චීනයට යාමට අවශ්‍ය විදේශීය ජාතිකයින් සහ ඔවුන් සමඟ සිටින පවුලේ සාමාජිකයින්ගේ වීසා අයදුම්පත් භාර ගැනීම සඳහා ය.

එය 2020 සිට නිවෙස්වලට සිරවී සිටින සිය ගණනක් ඉන්දියානු වෘත්තිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට විශාල සහනයක් බව පැවසේ.

පසුගිය මාසයේ, චීනයේ වෙසෙන ඉන්දියානු වෘත්තිකයන් විශාල පිරිසක් විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර්ගෙන් ඉල්ලා සිටියේ අතරමං වූ ඔවුන්ගේ පවුල්වලට නැවත චීනයට යාමට ඉඩ දෙන ලෙස බීජිං වෙත බලපෑම් කරන ලෙසයි.
කෙසේ වෙතත්, සංචාරක සහ පෞද්ගලික අරමුණු සඳහා වීසා බලපත්‍ර නිකුත් කිරීම තවදුරටත් අත්හිටුවා ඇති බව චීන තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

EPF ගැන රජය හදිසියේම ගත් තීරණය

සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 9 සිට සියයට 13 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...