නැගෙනහිර පළාතේ තොප්පිගල, නරකමුල්ල ප්‍රදේශයේ සිදු කරන පුරාවිද්‍යා ගවේෂණයක දී අනුරාධපුර යුගයට අයත් බෞද්ධ විහාර සංකීර්ණයක නටඹුන් සොයා ගෙන ඇති බව වාර්තා වේ.
පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යන ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුළු පිරිසක් විසින් මෙම ගවේෂණය සිදු කරනු ලබන්නේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය සහ යුද හමුදාවේ අනුග්‍රහයෙන් වන අතර මහාචාර්ය රාජ් සෝමදේව මහතා සඳහන් කළේ , මෙම විහාර සංකීර්ණය ගවේෂණයේ දී සෙල්ලිපි දහසයක් සොයා ගත් බවයි .
කාවන්තිස්ස රජු විසින් කරන ලද ප්‍රදානයක් සඳහන් වන සෙල් ලිපියක් ද ඒ අතර වන බවත් මෙම විහාර සංකීර්ණයේ ගුහා විහාර,චෛත්‍යය ගොඩැලි , ඉපැරණි ගල් කැටයම් සහ විනාශ කර ඇති පිළිමවල නටඹුන් ද හමු වන බවත් මහාචාර්ය සෝමදේව මහතා පවසනවා.
මේ අනුව තොප්පිගල ප්‍රදේශය ලංකාවේ නැගෙනහිර පළාතේ ඉතාම පුරාණ ජනාවාස මැනවින් ව්‍යාප්තව තිබූ ප්‍රදේශයක් බව පැහැදිලි වන බවත් තොප්පිගල මහ වනාන්තරයේ නටඹුන් වී ගිය වැව් රාශියක් දක්නට ඇති බවත් ගවේෂණය තවදුරටත් ක්‍රියාත්මක බවත් මහාචාර්ය රාජ් සෝමදේව මහතා සඳහන් කර සිටිනවා.