30 C
Colombo
Sunday, May 5, 2024

ලෝක ශූර ප්‍රංශය තරඟාවලියෙන් ඉවතට විසිකළ ස්විට්සර්ලන්තයේ පෙරළිකාර ජය

- Advertisement -

ලෝක ශුර ප්‍රංශය යූරෝ කුසලාන තරගාවලියෙන් ඉවතට විසිකරමින් පෙරළිකාර ජයක් ලබන්නට ස්විට්සර්ලන්තය සමත් වුණා.

තරඟයේ පළමු අර්ධය නිමාවන විට ගෝල 1-0ක් ලෙස පෙරමුණේ පසුවුයේ ස්විට්සර්ලන්තයයි.

තරඟයේ 55 වන සහ 57 වන මිනිත්තුවලදී ගෝල ද්විත්වයක් ලබා ගනිමින් Karim Benzema තරඟයේ පාලනය ප්‍රංශය දෙසට නතු කරගත්තා.

75 වන මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ Paul Pogba ලබා ගත් ගෝලයත් සමග ස්විස් ප්‍රේක්ෂක හදවත් මොහොතකට නතර වුණා.

බොහෝ දෙනා විශ්වාස කළේ පුරෝකතන සාර්ථක කරමින් ප්‍රංශය යූරෝ කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇති බවයි.

81 වන මිනිත්තුවේදී Haris Seferović ගෝලයක් ලබා ගත්තේ ස්විස්ටර්ලන්තය සිය සටන අත්නොහැරි බව ප්‍රේක්ෂකයන්ට තහවුරු කරමින්.

එම උද්⁣යෝගය අවසන් මිනිත්තු 10 තුල බිඳක් හෝ අඩු නොකළ ස්විස් ක්‍රීඩකයන් 90 වන මිනිත්තුවේදී තවත් ගෝලයක් ලබා ගත්තේ සමස්ත පාපන්දු ලෝකයම මවිත කරමින්.

ඒ අනුව 3-3ක් ලෙස දෙපිළම සම තත්ත්වයක සිටීම හේතුවෙන් තරඟය අතිරේක කාලය දක්වා යොමු වූ අතර එහිදී ගෝල වාර්තා කිරීමට කණ්ඩායම් දෙකටම අවස්ථාව හිමි වූයේ නැහැ.

ඒ අනුව ජයග්‍රහණය තීරණය කිරීමට සිදුවූයේ දඬුවම් පහර මඟින්.

පළමු දඬුවම් පහර අවස්ථාව ස්විට්සර්ලන්තයට හිමි වූ අතර ඔවුන් සිය දඬුවම් පහර 5ම සාර්ථක කරගත්තා.

දඬුවම් පහර 4ක් සාර්ථක කරගත් ලෝක ශූර ප්‍රංශයේ ඉරණම තීන්දු කරන පස්වන දඬුවම් පහර එල්ල කිරීමේ වගකීම සුපිරි ක්‍රීඩක Kylian Mbappe ට පැවරුණා.

Mbappe ගේ පා පහරින් නික්මුණු පන්දුවට තම සීමාව අතික්‍රමණයට ඉඩ නොදුන් ස්විස් දැල් රකින්නා ලෝක ශූර ප්‍රබල ප්‍රංශ කණ්ඩායම තරගාවලියෙන් ඉවතට විසිකරමින් අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථානයක් ස්විට්සර්ලන්තයට තහවුරු කරදුන්නා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...