28 C
Colombo
Sunday, May 5, 2024

ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්

- Advertisement -

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් තරගය තුන්වැනි දිනය නිමා වීමටත් පෙර ඉනිමකින් සහ ලකුණු 280කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 591ක් ලබා සිටියදී ඉනිම අත්හිටවනු ලැබුවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල් සහ සදීර සමරවික්‍රම ශතක ලබා ගත්තා.

අයර්ලන්ත පළමු ඉනිම ලකුණු 143කට සීමා වුණා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය ලකුණු 52කට කඩුලු 7ක් දවා ගත්තා.

ඒ අනුව ලකුණු 448ක් පිටුපසින් සිටිමින් දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදීමට අයර්ලන්ත කණ්ඩායම පිටියට පිවිසියා.

අයර්ලන්ත දෙවැනි ඉනිම ලකුණු 168කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු බලඇණිය සමත් වුණා.

අද දිනය තුල අයර්ලන්ත කඩුලු 13ක් බිඳවැටීම කැපී පෙනුණා.

එහිදී රමේෂ් මෙන්ඩිස් ලකුණු 76කට කඩුලු 4ක් සහ ප්‍රභාත් ජයසූරිය ලකුණු 56කට කඩුලු 3ක් දවා ගත්තා.

රමේෂ් මෙන්ඩිස් මෙම තරගයේදී සිය ටෙස්ට් දිවියේ 50 වැනි කඩුල්ල දවා ගත් අතර අඩුම තරග සංඛ්‍යාවකදී (11) ටෙස්ට් කඩුලු 50ක් දවා ගත් ශ්‍ර්‍රී ලංකා පන්දු යවන්නාගේ වාර්තාව සම කිරීමට ඔහු සමත් වුණා.

තරගයේ වීරයා සම්මානය ලැබූ ප්‍රභාත් ජයසූරිය මෙම තරගයේදි කඩුලු 10ක් බිඳ හෙලුවා.

ඒ අනුව ටෙස්ට් තරගාවලිය 1 – 0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

දෙරට අතර දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ ද ගාල්ලේදී.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...