28.1 C
Colombo
Friday, April 26, 2024

තලේබාන් සංවිධානයට යුද අපරාධ චෝදනා

- Advertisement -

තමන් වෙත භාරවූ ඇෆ්ගනිස්තාන හමුදා සාමාජිකයන් 22 ⁣ක් ඝාතනය කිරීම හරහා තලේබාන් සංවිධානය යුද අපරාධ සිදුකර ඇතැයි චෝදනාවක් එල්ල වී තිබේ.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය සදහන් කරන්නේ තමන්වෙත භාරවන ප්‍රතිවාදී සටන්කරුවන් ඝාතනය කිරීම අන්තර්ජාතික යුද සහ මානුෂීය නීතින්ට පටහැනි බවයි.

පසුගියදා උතුරු ඇෆ්ගනිස්තානයේ ෆර්යාබ් පළාතේ දවාල්ට් අබාඩ් ප්‍රදේශයේ දී තමන් වෙත භාරවූ ඇෆ්ගනිස්තාන කොමාන්ඩෝ සෙබලුන් 22ක් තලේබාන් සංවිධානය විසින් ඝාතනය කර ඇති බව මේ වනවිට තහවුරු වී තිබේ.

මේ වනවිට ඇෆ්ගනිස්තානයේ ගැටුම් උග්‍රවෙමින් ඇති අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තලේබාන් සංවිධානය විසින් ඉදිරියේද දරුණු යුද අපරාධ සිදුකිරීමේ ඉඩකඩ පවතින බවයි.

මෙම තත්වය වළක්වාලීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය අදාළ සියලු පාර්ශව වෙත අවධාරණය කර තිබේ.

RECENT ARTICLES - SINHALA

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ජනතාව වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මාර්ගගත වීසා අයදුම් කිරීමේදී http://www.immigration gov.lk වෙබ් අඩවියේ e visa සබැඳිය පමණක් භාවිත කරන...

අපරාධකාරයින්ට ගිනිඅවිය භාවිත කරන්න බය වන්න එපා-ටිරාන්

අපරාධකරුවන් තුරන් කිරීම පවක් නොවන අතර අතේ තිබෙන ගිනි අවිය භාවිත කිරීමට පොලිස් නිලධාරීන්ට බිය නොවන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා ඔහු...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...