මේ දිනවල ශ්‍රී ලංකාව අනුගමනය කරන්නේ විදෙස් නිෂ්පාදන ලංකාවට නොගෙන්වා, සියල්ල ලංකාවේ නිපදවාගැනීමේ ක්‍රමය. ඒකට කියනවා ආරක්ෂණවාදය කියලා. ඒ කියන්නේ අපේ නිෂ්පාදකයන් ගොඩදාන්න කියලා පිටරට ඒවා ගේන්නේ නෑ.
ඒත් ඒකෙන් වෙන්නේ ලංකාවෙ ඉන්න නිෂ්පාදකයන්ගෙ ලොකු ඒකාධිකරයක් හැදෙන එක බව මහාචාර්ය රොහාන් සමරජීව වගේ අය පෙන්වලා දෙනවා. ඒ කියන්නෙ මොනවාහරි ආනයනය කරන්න පුළුවන් නම්, ලෝකෙ තියෙන කොලිටිම බඩු එක්ක ලංකාවෙ නිෂ්පාදකයන් තරග කරන්න ඕනෑ. එතකොට කොලිටිය අතිනුයි, මිල අතිනුයි ලංකාවෙ පාරිභෝගිකයන්ට හොඳම එක දෙන්න වෙනවා. මේ ගැන පෙන්නන්න උදාහරණයකුත් ඔහු පහුගියදා ට්වීටර් සටහනක සඳහන් කර තිබුණා.
ට්විටර් සටහන මෙහෙමයි..
‘රජයේ සේවකයන්ගේ අඳෝනාවක් ෆේස්බුක් සමූහයකින්- ‘ආනයනය කරන කාලේ ලංකාවේ නිෂ්පාදිත වැසිකිළි කට්ටලය (කොමඩ්) 19,500යි. ගෝඨා ස දේශීය නිෂ්පාදිතය රැකගන්න සහ දිරිදෙන්න ආනයනය නැවැත්වුවාම මෙරට නිෂ්පාදිත කට්ටලය 35,000යි.’
ඔය තමයි ආරක්ෂනවාදයේ ආදීනව. පාරිභෝගිකයාට බිංදුව. ධම්මිකට අධිලාභය.’ -මහාචාර්ය රොහාන් සමරජීව
මේ ධම්මික පෙරේරාගේ සමාගම තමයි රෝයල් සෙරමික්ස් හෙවත් රොසෙල් සමාගම. පිටරටින් භාණ්ඩ ගෙන්නුවේ නැතිවුණාම, ලංකාවේ ඉන්න තනි නිෂ්පාදකයාට පුළුවන් හිතුමතේට ගාණ ඉහළ දාන්න. එයාලා කියන ගාණක් ගෙවලා භාණ්ඩය ගන්නට සිද්ධවෙනවා.
බාත්රූම් කට්ටලේ දහදාහකින් විතර ගණං ගියාම ලංකාවෙ ඉන්න බේකරි කාරයාට, ගොවියාට, බස් රියදුරාට ඇතුළු හැම මනුස්සයාටම ගෙයක් හදල බාත්රූම් එකක් හදන්න ගියොත් වැඩි මිලක් ගෙවන්න වෙනවා. එයාගේ වියදං වැඩි වෙනවා. එතකොට එයා තමන්ගේ නිෂ්පාදනයේ මිලත් වැඩි කරනවා. ඒ කිව්වෙ පාංකාරයා පාං ගෙඩියේ මිල වැඩි කරනවා.
ආනයන නවත්තලා, අපේ රටේ ඇතුළේ භාණ්ඩ විතරක් විකුණන්න ගියාම වෙන්නෙ ඒක තමයි. රටේ ආර්ථිකය ගොඩදානවා කියන්නෙ පිටරටින් ගේන අඩු මිල, කොලිටි භාණ්ඩ නවත්වන එක නෙවෙයි. අපේ රටේත් ඒ කොලිිටියට භාණ්ඩ හදන්න තරගකාරී පරිසරයක් හදන එක. ලේකෙත් එක්ක විවෘතව, බය නැතිව තරග නොකර ආර්ථිකයක් ගොඩදාන්න බෑ.