29 C
Colombo
Sunday, May 5, 2024

මට හීරිල්ලක් හරි වුනොත් රෝහිත වගකියන්න ඕනේ – රාසමාණික්කම්

- Advertisement -

රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා අගමැති කාර්යාලය අසලදී තමාට තර්ජනය කර පහර දීමට උත්සාහ දැරූ බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මඩකලපු දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා.

මෙම සිද්ධිය පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට ඉදිරිපත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ඔහු මුලසුනෙන් ඉල්ලා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,

“මට තර්ජනය කළා. තර්ජනය කරන්නේ කොහෙද? කරන්නේ අගමැති කාර්‍යාලයේ ඇතුළේ පාර්ලිමේන්තුවේ. අශෝක ප්‍රියන්ත ඇමතිතුමා නැත්තම් මේ රෝහිත අබේගුණවර්ධන කියන මන්ත්‍රීවරයා මට පහර දෙනවා. මීකට අගමැති කාර්‍යාලයේ ඉන්න නිලධාරීන් සාක්ෂියි. අශෝක ප්‍රියන්ත මන්ත්‍රීවරයා සාක්ෂියි.ජගත් ප්‍රියංකර මන්ත්‍රීවරයා සාක්ෂියි. මට කිව්වේ ඔබතුමා ආණ්ඩුවට විරුද්ධව කතා කරනවා නම් කොහොමද අගමැතිතුමා හම්බෙන්න එන්නේ. මේ අපේ අගමැතිතුමා. මං කිව්ව මේ රටේ අගමැතිතුමා කියලා…

ඉතින් මේකද මේ රටට සංහිදියාව පිළිබඳ දෙන පණිවිඩය. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක ඉතාමතම බැරෑරුම් සිදුවීමක්. පහර දීලා තිබ්බා නම් මට දැටටත් තර්ජනයක් තියෙනවා.මට ජීවිත තර්ජනයක් තියෙනවා.මෙතුමගේ කාර්‍යාලයෙන් මෙතුමව එළියට එක්කන් යනකොට පහර දෙන එකෙන් වළක්වලා අවසාන වශයෙන් කිව්වේ පස්සේ මෙතන ලිෆ්ට් එක ගාවට එනවා දැන් කියලා. එතකොට මේ පාර්ලිමේන්තුවෙන් එළියට යනකොට හරි එනකොට හරි මට මොනහරි හීරිල්ලක් හරි උනොත් මේ රෝහිත කියන පුද්ගලයා මේකට වගකියන්න ඕනේ.”

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...